පාසල් දැන්ම පටන් ගන්නෙ නෑ

0

ලබන 29 වැනිදා සිට අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍යක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

රජයේ පාසල් විවෘත කිරීමට තවමත් තීරණයක් ගෙන නැතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ දැඩි විපරමෙන් පසුවන බව ඔහු කීය.

මෙවැනි ප්‍රවෘත්ති පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here