කොවිඩ් නිසා ලොව වයස්ගතම කාන්තාව ඉන්දියාවෙන් හමුවේ..සියලු ලෝක වාර්ථා ඇය නමින් ලියවේ

0

කොවිඩ් එන්නත්කරණය නිසා ලොව වයස්ගතම කාන්තාව හඳුනා ගැනීමට හැකි වූ බව ඉන්දියානු සෞඛ්‍ය බලධාරීහු පවසයි.ඔවුන් වාර්තා කරන පරිදි මෙම මහලු කාන්තාව ඔවුන්ට හමු වී ඇත්තේ ගෙන්ගෙට යමින් වැඩිහිටියන් එන්නත් කරනයට යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතරතුරදීය.

අවුරුදු 124ක් වයසැති මෙම කාන්තාවගේ නම රේට් බේගම් ලෙස හැඳින්වේ.මේ අනුව දැනට වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට එක්වී සිටින අවුරුදු 117ක් වියැති ජපන් ජාතික කේන් නමැති කාන්තාවට වඩා මෙම කාන්තාව වයස අවුරුදු හතකින් වැඩිමල් වේ.

එපමණක් ද නොව ලොව වැඩි මහලු ම කාන්තාව ලෙස වාර්තාව පිහිටුවා සිටි වයස අවුරුදු එකසිය විසි දෙකක් ආයු වළඳා 1997 වසරේ දී ජී විතක්ෂයට පත් ප්‍රංශ ජාතික ජෙනී ක්ලෙමන්ට් පවා මෙම ඉන්දියානු කාන්තාවට වඩා වසර 2 කින් ළාබාලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here