පහුගිය යහපාලන අවුරුදු 5 නිසා අපි අවුරුදු පනහකින් ආපස්සට ගියා.

0

අද දින අරලියගහමැදුරේදී පැවති ගුවන් පාලම් ඉදිකිරීමේ සමාරම්භක උත්සවයේ දී ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතාගේ කථාව

මම ස්තූතිවන්ත වෙනවා අපේ පස්වන විධායක ජනාධිපති ඒ වගේම අද අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අද දවසේ ඇවිල්ලා, මෙය ඉතිහාසගත වන දවසක් අද ගරු අගමැතිතුමනි, කුලුනු මත ඉදිවන අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වාත් ඒ වගේම ගුවන් පාලම් 5ක් ව්‍යාපෘති හයක් ඔක්කොම ආරම්භ කිරීම ගැන .ලංකා ඉතිහාසයේ අද ඉතිහාසගත වන දවසක්. බාන්ස් ආණ්ඩුකාරවරයා ගෙන් පස්සේ ඔබතුමාගේ කතාවෙන් තමයි මං එදා ඕක දැනගත්තේ රුවන්පුර අධිවේගී මාර්ගයට මුල්ගල් තබන අවස්ථාවේදී ඔබතුමා කරනලද කතාවේදී තමයි මං ඔය පිලිබඳව දැනගත්තේ. ඉන්පසු මම ඒ ගැන අධ්‍යනය කලා.

බාන්ස් ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ මේ රටේ මහා මාර්ග විප්ලවයක් ඇති උනානම් ඇති උනේ ඔබතුමා ජනාධිපති තුමා හැටියට හිටපු කාලෙදී. ඔබතුමා තමයි කොළඹට සීමා වෙලා තිබුණු කාපට් මාර්ග මේ රටේ අස්සක් මුල්ලක් නෑර ගෙනගොස් සංවර්ධනය කලේ කිලෝමීටර් 13000 තරම් ප්‍රමාණයක් යුද්ධයක් කරන ගමන් මේ රටේ යටිතල දියුණු පහසුකම් දියුණු කරපු නායකයා ඔබතුමායි. අධිවේගී මාර්ග සංස්කෘතිය මේ රටට හඳුන්වා දීපු නායකයා ඔබතුමායි. ඔබතුමා 2015 පැරදුණේ නැත්තං මේ ඔක්කොම මාර්ග , මේ ඔක්කොම ගුවන් පාලම් හදලා, ගුවන් මාර්ග හදලා විශාල දියුණුවක් ලබාගන්න තිබුණා.

පහුගිය යහපාලන අවුරුදු 5 නිසා අපි අවුරුදු පනහකින් ආපස්සට ගියා. ඒ නිසා අද අපි වැඩියෙන්ම සතුටු වෙන්නේ කෝවිඩ් ව්‍යසනය තිබියදීත් ඒ අභියෝගයට මුහුණ දෙමින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න, අනන්ත කැපකිරීමකින් වැඩ කටයුතු කරන, අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ඉතාමත් ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, ඔබතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවලේ, ඒ වගේම අලුත් වැඩ පිළිවග වන මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලෙ තියෙනවා. ඒ වැඩපිළිවෙළ තමයි අද වාහන තදබදය අවසන් කරන්න, ජනතාවගේ ගමන් කාලය අවම කරන්න, ඒ වගේ ආර්ථිකයේ විශාල විනාශය අවම කරන වැඩපිළිවෙළක් හැටියට මේ වැඩපිළිවෙළ අපි දකිනවා. ඒ නිසා මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි මේකට විශාල මහන්සියක් ගත්ත අතිගරු ජනාධිපතිතුමාවත් ඔබතුමාවත් මේ වැඩ පිළිවෙල ඉක්මන් කරන්න සහයෝගයදුන් මුළු කැබිනට් මණ්ඩලයටත් මාගේ ස්තුතිය මේ වෙලාවෙදි පුද කරනවා.

මේ සම්බන්ධයෙන් වැඩ කරපු ජනාධිපතිතුමාගේ ලේකම් පී බී ජයසුන්දර මැතිතුමාද ආටිගල මැතිතුමාද මගේ අමාත්‍යාංශය ලේකම් ප්‍රේමසිරි මැතිතුමා ප්‍රධාන ඒ සියලුම රාජ්‍ය නිලධාරීන් මේක ඉක්මනින් පටන් ගන්න ඒ කරපු වෙහෙස සම්බන්ධයෙන් ඔවුන් සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය ගරු අගමැතිතුමනි china harbour සමාගමේ ඔවුන් මුදල් ගෙනල්ලා මේ මුළු ලෝකෙම අර්බුදයට පත් වෙලා තියෙන වෙලාවේ ඔවුන් ඉදිරිපත් වෙලා අපේ මුදල් යොදවන්නෙ නැතිව ඔවුන්ගේ මුදල් යොදවලා මේ වැඩපිළිවෙළට අත ගැසීම පිළිබඳව ඔවුන්ට අපි ස්තුතිය පුද කරනවා. මෙම ව්‍යාපෘතිය ගරු අගමැතිතුමනි කැබිනට් එකේ අනුමත වෙච්ච ගමන් විපක්ෂය චෝදනා කලා චීනෙට භාරදුන්නා කියලා. චීන්නුන්ට පාර බාර දුන්නයි කියලා කිව්වා.

එදා ඔබතුමා මේ වරාය නගරයට මුල්ගල් තියෙන වෙලාවෙදි එදත් කිව්වේ ඒ මුළු ඉඩම ම චීනුන්ට දුන්නයි කියලා. හැබැයි ඔබතුමා එහෙම කළේ නෑ කවදාවත්. ඔබතුමා ඉතා මනා පරිපාලනයකින් ආර්ථිකය මෙහෙයවමින් ණය අරගෙන, මේ රටේ අනාගතය වෙනුවෙන්, යටිතල පහසුකම් දියුණු කරපු නායකයා තමයි ඔබතුමා. මේ රටේ තිබුණු සම්පත් කිසි දවසක විකුනපු නායකයෙක් නොවෙයි ඔබතුමා. හැබැයි ඔබට මඩ ගහපු විපක්ෂය ඔවුන් බලයට ඇවිල්ලා කළේ ඔබතුමා බොහොම ආදරයෙන් හදපු හම්බන්තොට වරාය අවුරුදු අනූනවයෙ ඒවා දෙකකට බදු දුන්නා. ඒ නිසා මං මේ වෙලාවේ දී මතක් කරනවා ඔබතුමා හිටියනම් ඒ දෙය සිද්ධ වෙන්නේ නැහැ කියලා.

ඒ නිසා අදත් ඔවුන් කරන්නේ ම ඩ ග හ න එක. ඔබතුමා එදා දකුණු අධිවේගී මාර්ගය හදනකොට කිව්වේ රාජපක්ෂලාට ඇඹුල්තියල් ගේන්න, කිරිපැණි ගේන්න තමයි අධිවේගී මාර්ගය හැදුවේ කියලා. අද පුළුවන් දිසානායක මහත්තයාට ඇඹුල්තියල් එකේ ගිහිල්ලා ගෙදරට කිසි කරදරයක් නැතුව ගේන්න. මේ ව්‍යාපෘතිය පටන් ගන්න කොටත් කිව්වා චීන්නුන්ට දුන්නයි කියලා පුළුවන් තරම් බලන්නේ ම ඩ ග හ න්න. එදා 2015 න් ඉස්සෙල්ලා ඔබතුමාට අ ප හාස කරලා ඔබතුමාගේ පවුලට අපහාස කෙරුවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් රාජ්‍ය බලය ගත්තට පස්සේ ඔබතුමාගෙන් සහ ඔබතුමාගේ පවුලේ අයගෙන් පලි ගත්තා. අපි අපිට අමුතුවෙන් ඒවා මතක් කරන්න දෙයක් නෑ පලිගන්නවා ඇරෙන්න ඔවුන් කරපු දෙයක් නැහැ. සම්පත් විකුණුවා ඇරෙන්න ඔවුන් කරපු දෙයක් නැහැ. මේ රටේ ආර්ථිකය විනාශ කළා ඇරෙන්න ඔවුන් මේ රටට කරපු දෙයක් නැහැ. ඒ විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාව විනාශ කරලා, මේ මුළු රටේම ජනතාවගේ ජීවිතය අවදානම් තත්ත්වයකට ඇද දමපු ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව.

අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහ ඔබතුමාට මේ රට පාලනය කරන හැටි උගන්වන්න හදන්නේ ආර්ථිකය විනාශ කරපු අයයි. ඔවුන් ආර්ථිකය හදන හැටිගැන උපදෙස් දෙනකොට අපි පුදුමයට පත් වෙනවා. අද අපිට අභියෝග ගණනාවක් තියෙනවා එකක් තමයි covid අ ර්බුදය මේ ව්‍ය සනයෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියන එකගැන අපි කල්පනා කරනවා. ඒ සඳහා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඔබතුමාගේ කැපවීම තුළත් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට විනාශ කරපු ආර්ථිකය ඉතාමත්ම දක්ෂ ලෙස මෙහෙයවා ඒක ස්ථාවර කර ගත්තා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මෙම ව්‍යසනය හරහා ඒ වගේම ගිය අවුරුදු පහෙන් විනාශ කරපු ආර්ථිකය නැවත වාරයක් ශක්තිමත් ආර්ථිකයක් පරිවර්තනය කරන්න පුළුවන් අභියෝගය පිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. රටේ ජාතික ආරක්ෂාව විතරක් නෙමෙයි රටේ සංවර්ධනය ඒ හැම අභියෝගයක්ම නුදුරු අනාගතයේදී අපිට ජය ගන්න පුළුවන් වෙයි කියලා අපේ විශ්වාසයක් තියෙනවා. අද විපක්ෂය නොයෙක් දේවල් වල එල්ලෙනව ඔවුන් ඉස්සෙල්ලාම එල්ලුණේ පාර්ලිමේන්තු මැතිවරණයයි එහිදි ඔවුන් දැනගෙන හිටියා පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත් ඔවුන් දැවැන්ත පරාජයක් ලබන බව ඒ නිසා ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණය මීටරේ දුරකින් තිබ්බොත් දවස් ගණනාවක් යයි මැතිවරණය ඉවර කරන්න කියලා කිව්වා. ජේ .ආර් ජයවර්ධන හදාපු ඒ අනුපාත ක්‍රමය තුළින් තුනෙන් දෙකේ බලයකට ආසන්න මාස මන්ත්‍රී සංඛ්‍යාවකින් අපි ජයග්‍රහණය කළා.

ඔවුන් ම ඩ ග හ න්න පටන් ගත්තා 2015ට කලින් වගේම 2019න් පස්සෙත්. සිංහරාජයේ ගස් ක ප නවා කිව්වා. දරුවන්ව පාවිච්චි කරලා මට ගැ හු වා. ඒක අපි දැක්කා. ඊලඟට කෘඩියා කියන ගහක ගිහින් එල්ලිලා අධිවේගී මාර්ගය හදන එක වලක්වන්න හැදුවා. අධිවේගී මාර්ගය හදන ගෞරවයට අවමන් කළා. ඒ වැඩපිළිවෙළ පමා කරන්න හැදුවා. ඒ වගේම එන්නත දෙනකොට කිව්වා එන්නත පරීක්ෂණාගාර භූමියක් කරන්න එපා කියලා ශ්‍රී ලංකාව. විපක්ෂ නායකතුමා කිව්වා කොරෝනාවට හොදම බෙහෙත පැකනිල්, ඒක බොන්න කියලා. දැන් කියනවා හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඔවුන් හිටියනං හිටියනං කොරෝනා වසංගතයෙන්

තුනෙන් දෙකක් ඉවර කරලා ඉවරයි කියලා. ඔව් හිටිය නම් තුනෙන් දෙකක් ජනතාවත් ඉවර වෙනවා. ඔවුන් හිටිය නම් මේ භූමිය සම්පූර්ණ ම ල ගමක් වෙනවා. හාස්‍ය ම කාරණය තමයි මේ රට විනාශ කරපු අය මේ රට පාලනය කරන හැටි එන්නත දෙන හැටි ආර්ථිකය මෙහෙයවන හැටි උගන්නන්න ඉදිරිපත් වෙනඑක. නමුත් මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. මේ රටේ ජනතාව ඉවසීමෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. අපිට ඡන්දය දුන්න හැටනම ලක්ෂයේ ජනතාව නින්දා අපහාස විඳිමින් විපක්ෂය කරන මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා. නමුත් අපේ රටේ ජනතාවට විශ්වාසය තියෙනවා මේ රට හදනවා කියලා. ගරු අගමැතිතුමා වගේම ජනාධිපතිතුමා මේ කොම්පඤ්ඤ විදිය බාලදක්ෂ මාවතේ ඉදිවෙන පාලම් තුන ගැන පුද්ගලිකව බැලුවා. ඒ පාලම් තුන මාස 12ක් ඇතුළත නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවගෙන් අපි ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා ඒ මාස 12 අපිත් එක්ක ඉවසීමෙන් ඉන්න කියලා. අපිට මතකයි මාර්ග තදබදය තියෙද්දි ආණ්ඩුවට බනිනවා. ඊළඟට මාස විස්සක් ඇතුළත දී අපි බලාපොරොත්තු වෙනවා නුවර වගේම කොහුවල ගුවන් පාලම හදන්න. ඒ කොන්ත්‍රාත් කරුවන් ගෙන් අපි ඉල්ලීමක් කරනවා ඉක්මනින් එය අපිට ලබා දෙන්න කියලා. එමෙන්ම චයිනා හාබර් සමාගමින් මාස 36ක් යොදාගෙන තියෙනවා ඒ අධිවේගී මාර්ගය හදන්න.

ඔබතුමාලා ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා පැය 24ම වැඩ කරලා අපිට ඉක්මනින් ඒ මාර්ගය ලබා දෙන්න කියලා.මේ මාර්ගය හැදුවා ඉන්පස්සෙ වාහන 40,000 ක් ගමන් කරන්න පුලුවන් කියලා මොරටු විශ්ව විද්‍යාලයෙන් ගණන් බලා තියෙනවා. එමඟින් විශාල ආර්ථික ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. වාහන තදබදයට පිලියමක් විතරක් නෙවෙයි ඒ මුළු පළාත් වලම ඉඩම් වල මිල ගණන් වැඩි වෙනවා. දැවැන්ත ජයග්‍රහණයක් ජනතාවට ලබා ගන්න පුළුවන්. හම්බන්තොටින් පටන් ගත්තාම මේ ව්‍යාපෘතිය හරහා වරාය නගරයට ඇවිත් බහින්න පුළුවන් යුගය තමයි අද අපි මේ ව්‍යාපෘතිය හරහා ආරම්භ කරලා තියෙන්නේ කියලා බොහොම ගෞරවයෙන් මතක් කරනවා.

ඔබතුමා මේරටට දැවන්ත ශක්තියක්. ඒ වගේම ඔබතුමා ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. නිමා කරන්න බෑ කියපු යුද්ධය ජයග්‍රහණය කරපු නායකයෙක් විතරක් නෙවෙයි රට හදපු නායකයා කියල කියන්න පුලුවන්. එදා යු.ද්ධ යේ ආරක්ෂක ලේකම් වරයා විදිහට දැවැන්ත ශක්තියක් වෙමින් යු  ද්ධ ය ජයගත්තා. අද ජනාධිපතිවරයා වෙලා පරිනත නායකත්වයක් තියන අගමැති එක්ක අපිට විශ්වාසයක් තියනවා, ඉදිරියේදි දියුණු රටක් බවට අපේ රට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here