ජීවිතය ගැන නොසිතා ජීවිතයක් බේරාගත් හිමිනම.

0

කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු කිබුලෙකුට ගො දුරු වී රැගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ගම්මානයේ විහාරස්ථානයේ හිමි නමක් විසින් දියට පැන කිබුලා සමග පොර බදා එම කෑ පුද්ගලයා බේ රාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

දියමයිලගස්වැව ශ‍්‍රී ධර්මරාජ විහාරස්ථානයේ 30 හැවිරිදි, පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම් විජේරත්න යන අය දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන දිය නාමින් සිට ඇත. හිමිනම දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට වෙමින් සිටියදී වැවේ නාමින් සිටි විජේරත්න මහතා හට මෙම සිදුවීම වී ඇත.

කිබුලා විසින් මෙම පුද්ගලයා ඇද ගෙන යමින් සිටියදී හිමි නම වැවට පැන කිබුලා සමග පො ර බදමින් විජේරත්න මහතා බේරා ගෙන ඇත.

අනතුරුව ප‍්‍රදේශවාසීන්ගේ සහය ඇතුව මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇත.සිදුවීම හමුවේ විජේරත්න මහතාගේ පාදයට විශාල හා නි සිදු වී අනුරාධුපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටී.

එම අවස්ථාවට මුහුණ දුන් හිමිනමට කිසිදු අ න තුරක් සිදුව නැත. මෙම නිර්භීත ක‍්‍රියාවෙන් ජීවිතයක් බේරාගැනීම හේතුවෙන්  කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් දියමයිලගස්වැව විහාරස්ථානයට ගොස් හිමියන් බැහැ දැක ප‍්‍රශංසා කිරීමට ඊයේ (07) දහවල් කටයුතු කළේය.

මැදවච්චිය – -ගයාන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here