යළිත් වැස්ස වැඩිවෙයි.

0

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් අද (8) සහ හෙට (9) දිනවල දී සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන අතර, වයඹ පළාතේත්, කොළඹ, ගම්පහ, කෑගල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවන බව ඔහු කීවේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවන අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගි ගු රුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගි ගු රුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අ කු ණු අ න තු රු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අ න තු රු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here