10000 යන වැඩේට 35000 ක් අරන්..සමහරු සල්ලි දීල තියෙන්නෙ පොළියට අරන්

0

කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මි ය යන අයගේ සිරුරු ආදාහනය කිරීමට ගෙන යාම සඳහා අතර මැදි මි..නී කා..ක්කන් කලියක් මැදිහත් වී එක සිරුරකින් රුපියල් තිස් පන් දහසක
මුදලක් ග රා ගන්නා බව වතුපිටිවල රෝහලින් වාරිතා වේ.

කොවිච් 19 වයිරසය ආසාදනය වී මි ය යන අයගේ සිරුරු වතුපිටිවල මූලික රෝහලේ මෘ ත ශරීරාගාරයට දැමීමෙන්
පසුව මි ය ගිය තැනැත්තාගේ හෝ තැනැත්තියගේ බාරකරුවන් රෝහලට පැමිණෙන තෙක් රෝහල් සේවකයන් ලෙසට හැගී යන පරිදි සුදු ඇඳගත් කල්..ලියක් රෝහල් පරිශ්‍රය තුළ රැදී සිටින බව කියති.

මෘ ත ශරිරයක බාර කරුවකු පැමිණීමත් සමග තැරැවිකාර කල්ලියේ අයකු බාරකරුවා අසලට වහා පැමිණ විස්තර
විමසා කොවිඩ් මෘ ත ශරීර ආදාහනය කිරීමට ගෙන යාම සඳහා ලියාපදිංචි වී ඇති මල් ශාලාවක් වේයන්ගොඩ
ප්‍රදේශයේ තිබෙන බව පවසා එම මල් ශාලාවට කතා කර ආදාහන කටයුතු සඳහා මෘ ත ශරිරය රැගෙන යන ලෙසට
දන්වා දුරකථන අංකයක්ද එම තැනැත්තා අතට දෙන බව කියති.

එම දුරකථන අංකයට කතා කිරීමේදී මුදල් බැඳීමට එන ලෙසට පැවසීමෙන් පසුව බාරකරු වේයන්ගොඩ ප්‍රදේශයේ
මල් ශාලාව සොයා ගෙන ගොස් විස්තර ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ආදාහනාගාරයට ගොස් මුදල් බැඳ රිසිට් පත රැගෙන එන ලෙසට ප්‍රකාශ කිරිමෙන් අනතුරුව එම තැනැත්තා ආදාහනාගාරයට ගොස් ආදාහන කටයුතු සදහා අය කරන රුපියල් හය දහස් අට සීයක මුදලක් ගෙවා රිසිට් පත නැවත මල් ශාලාවට ගෙනවිත් බාර දීමෙන් පසුව මල් ශාලාවේ ගාස්තුව වශයෙන් රුපියල් තිස් පන් දහසක මුදලක්
ගෙවන ලෙසට පවසන බවද කියති.

පැය කිහිපයක් ඇතුළත ආදාහන කටයුතු සිදු කළ යුතු බැවින් කෙතරම් දුප්පත් අය වුවද ගිනි පොලියට හෝ මුදල් සොයාගෙන විත් මල් ශාලාවට ගෙනවිත් දී මෘ ත ශරීර ආදාහනාගාරයට රැගෙන යන බවද වාර්තා වේ.

එසේ රුපියල් තිස් පන් දහසෙන් කොටසක් මි..නී කා..ක්කන් හට අත යටින් යන බවද කියති.මි..නී කාක්කන් ගේ මේ කතාව කන වැටුනු මොහොතේම
පසු ගිය 03 වනදා අප දන්නා කොවිඩ් 19 වයිරසය ආසාදනය වී මි ය ගිය තැනැත්තියකගේ බෑණා වන අසිත
රත්නායක (53) මහතා මෙසේ කියා සිටියේය.

මගේ බිරිඳගේ මව වන ඩී.පී. ජේන් නෝනා (80) මහත්මිය ඉකුත් 03 වැනි දා පාන්දර නිවසේදී හදිසියේ රෝගාතුර වී වතුපිටිවල රෝහලට රැගෙන යන අතර මගදී මි ය ගියා.රෝහලේ දී කරන ලද වෛද්‍ය පරික්ෂණයේදී ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හෙළිවීමෙන්.අනතුරුව මෘ ත ශරිරය එහි මෘ ත ශරීරාගාරයට ගෙන ගියා.

ඒ අවස්ථාවේ සුදු ඇඳගත් පුද්ගලයෙකු මා අසලට පැමිණ කොවිඩ් සි රුරු ආදාහනයට රැගෙන යාම සඳහා ලියා පදිංචි මල් ශාලාව තිබෙන්නේ වේයන්ගොඩ කියා මල් ශාලාවට
දුරකතන ඇමතුමක් දී ආදාහන කටයුතු සිදු කිරීම සඳහා මෘ ත ශරිරය රැගෙන යාමේ කටයුත්ත කතා කර ගන්නා
ලෙස පවසා එම තැනැත්තා දුරකතන අංකයක්ද මා අතට දී යන්න ගියා,මා හිතුවා ඔහු රෝහල් සේවකයකු කියා. එම දුරකතන අංකයට කතා කොට මල් ශාලාවට ගියා. එහි සිටි පුද්ගලයෙකු කීවා ආදාහනාගාරයට ගොස් මුදල් බැඳ රිසිට් පත රැගෙන එන ලෙසට.

මම ඒ අනුව ආදාහනාගාරයට ගොස් රුපියල් හය දහස් අට සීයක මුදලක් බැඳ රිසිට් පත මල් ශාලාවට ගෙනවිත් දුන්නා ඒ අවස්ථාවේ මල් ශාලාවේ හිටපු පුද්ගලයා මල් ශාලාවේ ගාස්තුව වශයෙන් රුපියල් තිස් පන් දහසක මුදලක් ගෙවන ලෙස කීවා.

ඒ අවස්ථාවේ මා අත මුදල් තිබුණේ නැහැ. නමුත් නැන්දාගේ ආදාහන කටයුතු එදාම කර ගන්න ඕනෑ නිසා ත්‍රිරෝද රථයකින් පස්යාලට ගොස් මුදල් පොලියට දෙන අයකුගෙන් රුපියල් තිස් පන් දහසක මුදලක් රැගෙන විත් මල් ශාලාවට දුන්නා. නමුත් මට මල් ශාලාවෙන් රිසිට් පතක් දුන්නේ නැහැ.

එදාම රාත්‍රී 08 ට ආදාහන කටයුතු තිහාරිය
මත ආදාහනාගාරයේ දී සිදු කළා යැයිද ඒ මහතා කියා සිටියේය.අපි වගේ දුප්පත් මිනිසුන්ට එහෙම කරන එක හරි අප රා ධයක් යැයි ද ඒ මහතා අවසානයේ කියා සිටියේය.

අප මේ පිළිබඳව කරන ලද සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණේ සාමාන්‍ය ම ර ණ යක දී පවා මෘ ත ශරීරයක් එ ම්බා ම් කොට නිවසට රැගෙන ගොස් භූමදානය හෝ ආදාහනය කරන දිනයේ දී නැවත ඒ සඳහා රැගෙන ඒමටද මල් ශාලාවලින් අය කරනු ලබන්නේත් රුපියල් තිස් පන් දහසක මුදලක් බවය.

මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඇම්.අයි. ශිරාජ්
මහතා මෙසේ කීය. මටත් ඔය අසා.ධාරණ කටයුත්ත පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා. නමුත් මේ වැඩේ කරන්නේ කවුද කියල හොයාගන්න බැරිවයි ඉන්නේ.අහිංසක මිනිසුන් නොමග යවල අ සා ධාරණ ලෙස මුදල් ලබා ගන්න ඉඩ දෙන්න බැහැ.

මම ඔය වැඩේ නවත්වන්න උපරිම උත්සාහයක් ගන්නා බවත් රුපියල් දහ දාහක් යන වැඩේට රුපියල් තිස් පන් දහසක් ලබා ගන්නවා කියන්නේ හරිම අසා..ධාරණයක් යැයිද වෛද්‍ය අධිකාරිවරයා කීය.

තමන් දන්නා තරමින් කොවිඩ් මෘත ශරිර ගෙන යාමට ලියාපදිංචි මල් ශාලා නැති බවද වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here