මාලු කෑමට ගැනීම සුදුසුද කියල එක පාරටම ඔව් කියන්නත් බෑ..නෑ කියන්නත් බෑ.

0

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මේ වනවිට නොයෙක් ආකාරයේ ගැටළු මතු වී තිබෙනවා.ඒ අතර ධීවර කර්මාන්තයද වේ.එම අනතුර සිදුවූ ප්‍රදේශයන් වල ධීවර කටයුතු නතර කිරීමටද මේ වනවිට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් මේ තත්වය හේතුවෙන් ජනතාව මාලු ආහාරයට ගැනීම අවම වී ඇති බවට ධීවරයින් පවසා සිටිනවා.ඔවුන් පවසන්නේ වෙනදා පැවති අලෙවිය මේ වන විට නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර සමඟ හිරු නාලිකාව කළ සංවාදයකදී ඇය පවසා සිටියේ මෙම අනතුර හේතුවෙන් මත්‍සයින් මි ය යමින් පවතින බව සත්‍යයක් වූවත් මාලු ආහාරයට ගැනීම සම්බන්ධයෙන් එකපාරටම ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ යනුවෙනි.

එමෙන්ම ඇය මෙහිදී පවසා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගි න්න ආරම්භ වූ මොහොතේ සිටම එම ගි න්න නිවා දැමීමට අදාල අංශ දැඩි උත්සහයක් ගත් බවය.

මෙම සිද්ධිය දෙස සාපේක්ෂව බැලිය යුතු බවත් වැඩිම හා නි යක් වූ ප්‍රදේශවලට අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් අපද්‍රව්‍ය ටිකක් ගියා කියල සමස්ථ සාගරයම වි නාශ වී නැති බවත් දර්ශනී ලහඳපුර මහත්මිය මෙහිදී පවසා සිටිනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here