මා ගැන බොරු පතුරුවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා..ඇමති වීරසේකර

0

තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන්  විමර්ශන පවත්වා එසේ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.

තමා සම්බන්ධයෙන් අ ප හාසාත්මක ප්‍රකාශ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රසිද්ධ කෙරුණ බවද ඔහු ප්‍රකාශ කළේය.

නිරෝධායනය සඳහා පස්සර ප්‍රදේශයට රැගෙන ගිය පිරිසක් රැගත් බස් රියක් නැවත හැරවීමට තමා කිසිවිටෙකත් කටයුතු නොකළ බවත් එම පිරිසට ඇඳුම් ගෙනයෑමට ඉඩදෙන්නැයි නීතිඥයකු මාර්ගයෙන් කළ ඉල්ලීමක් අනුව තමා පොලිස්පතිවරයාට කතා කර ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස දැනුම් දුන් බවත් වීරසේකර මහතා කීය.

කිසිම පුද්ගලයකු දින 14 ක නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම සාධාරණ නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඒ අවස්ථාවේදී සිදුවූයේ එපමණකැයිද සමහරුන් ඒ ගැන බොරු ප්‍රචාර පතුරුවමින් සිටින්නේ යැයිද සරත් වීරසේකර මහතා චෝදනා කළේය.

ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here