කිසිවෙකුගේ පිළිසරණක් නැතිව ගස්ලබු තම්බා කා ජීවත්වෙන ගමක්

0

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇති අවුකන (අලිවංගුව ගම්මානයේ)පවුල් හතලිස් 49ක සාමාජිකයෝ දැඩි ආහාර හිගයකට මුහුණ පා සිටිති.

මේ දිනවල ඇතැම් පවුල්වල ආහාරය සදහා ගස් ලබු තම්බා අනුභව කරන බවද එම ගම්මානයේ පදිංචිකරුවන් පවසා සිටියහ.

රජය මගින් සිහල අවුරුදු සමයේ සිට විවිධ සහනාධාර ක්‍රම හරහා අසරණ ජනතාවට ලබාදීම සිදු කළද ගල්නෑව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති අලිවංගුව ගම්මානයට ඒ කිසිඳු වරප්‍රසාදයක් අහිමි වී ඇති බව ගම්මානයේ පදිංචිකරුවෝ පැවසූහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටි
මීට වසර ගණනාවකට ඉහත යාචක පවුල් ලෙස සිටි කණ්ඩායමක් මෙම ගම්මානයේ පදිංචිව ඇති අතර එම කණ්ඩායම් යාචක තත්වයෙන් ඉවතව ස්වයං රැකියා සිදු කරගෙන ජීවත්වීමට යම් අඩිතාලමක් සකස්කර ගනිමින් සිටි පිරිසකි.

මෙම පවුල් 49 ක පිරිස පිළිබද මීට පෙරද අවස්ථා ගනනාවකදීම ජනමාධ්‍ය මගින් ලැබුණු ප්‍රචාර හරහා ඔවුන්ට විවිධ
උදවි උපකාර ලැබී තිබේ.

පොල් කැඩීම, යකඩ එකතු කිරීම,පොල්කටු එකතු කිරීම,නිවෙස්වලට සහ බස්රථවලට නැග විවිධ පින්තූර අලෙවි කිරීම ආදී රැකියාවන්හි නිතර මේ ගම්මානයේ පදිංචිකරුවන් පවසන්නේ රජය මගින් මේ දිනවල සංචරණ නීති පනවා ඇති නිසා තම රැකියාවන්හි නිරත වීමට නොහැකි බවයි.

එමෙන්ම තම ගම්මානයේ කාන්තාවකට කෝවිඩි වෛරසය ආසාදනය වීම හේතුවෙන් කිසිදු අයකුට එළියට ගමන් යෑමට අවට ගම්මානයන්හි පදිංචිකරුවන් ඉඩ නොදෙන බවද ඔවුහු පවසා සිටිති.

එමෙන්ම පොදු ජල පද්ධතියෙන් ජලය පවා මෙම ගම් ගම්මානයේ ජනතාවට අහිමි වී තිබීමද විශේෂත්වයකි. තමන්
කො න් කර ගම්මානයට කොටු කර තිබීම නිසා ආහාර හිගයක් පවතින බවද ඔවුහු පවසා සිටිති.

උද්ගතව ඇති තත්වය මත දිනකට එක් වේලක් කහට කෝප්පයකින් බිස්කට් එකකින් සහ මඤ්ඤොක්කා තම්බා
ආහාරයට ගන්නා බවත් තවත් පිරිසක් ගස්ලබු තම්බා ලුණු දමා එය ආහාර ගන්නා බවද ඔවුහු දැඩි වේ ද නාවෙන්
යුතුව අප සමග පැවසූහ.

තම කුසගින්න දරුවන්ගේ කුස ගින්න මෙම රජයේ නිලධාරින් තමන් කෙරේ කිසිදු සොයාබැලීමක් නොකිරීම පිළිබද ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ හෝ අඩුම තරමේ දානපතියකුගේ අවධානය යොමු කරවා ගැනීමට මගක් නොමැති බවද ඔවුහු වැඩි දුරටත් පවසා සිටියහ.

අප මේ ගම පිළිබදව ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කේ .එස් .ඒ .සි අයි. සේනාධීර මහත්මියගෙන විමසීමේදී කියා සිටියේ මේ ගම්මානයේ පවුල් තුනකට සමෘද්ධි සහනාධාරය සඳහා හිම්කම් ලබන බවත් එම පවුල් තුනට රජයේ සහනාධාරයට 5000ක් දීමනාව ලබාදුන් බවය .අනිත් පවුල් වල පිරිස සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින නිසා තවම සහනාධාර අනුමත වී නොමති බවත් එය ලැබුණු විගස ලබාදීමට පියවර ගන්නා බව පැවසුවාය.

එමෙන්ම තමන් පුද්ගලික ආයතනයක් සමග එක්ව මීට පෙර වියලි ආහාර පාර්සල් ගමේ ජනතාවට ලබාදීමට පියවර ගත් බව පැවසිය.ගමට දින තුනකට වරක් ජලය ලබා දීමට තමත් පුද්ගලිකව මැදිහත් වී කටයුතු කරන බවය.

ප්‍රාදේශීය ලේකම් –
07155 35 314 (අද පුවත්පතේ පළවූ ලිපියකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here