මාධ්‍යවේදි චමුදිතගෙන් CCDයට පැය 6ක ප්‍රකාශයක්.

0

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අ ප රාධ පරීක්ෂණ කොට්ඨාසය පෙරේදා (10) පැය හයකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තමන්ට ජීවිත ත ර් ජන ඇති බවට මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාට ලිපියකින් කළ පැමිණිල්ල මත මේ ප්‍රකාශය දී තිබිණි.

නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායන රීති කඩ කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ උපන් දින සාදය සම්බන්ධයෙන් රූපවාහිනි නාලිකාවක වැඩසටහනකදී ප්‍රශ්න කිරීමෙන් පසු තමන්ට ජීවිත ත ර් ජන එල්ල වී ඇති බවට චමුදිත සමරවික්‍රම මහතා එම ලිඛිත පැමිණිල්ලෙන් කියා ඇත.

ඒ අනුව පෙරේදා සවස තුනට පමණ කොළඹ අ ප රාධ පරීක්ෂණ කොට්ඨාසයට ගිය චමුදිත සමරවික්‍රම මහතා ඉන් පිටව ගොස් ඇත්තේ රාත්‍රි 8.50ට පමණය.

සලකුණ වැඩසටහනින් පසුව එල්ල වූ ජීවිත තර්ජන මෙන්ම ඊට පෙර පැවති ජීවිත ත ර් ජන පිළිබඳ මෙහිදී චමුදිත සමරවික්‍රම මහතා කොළඹ අ ප රාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පවසා ඇත.

නම් ගම් සහිතව එම හෙළි කිරීම් සිදුව ඇති අතර, ඊට අදාළ ලේඛන කිහිපයක් ඉදිරි දින දෙක තුන ඇතුළත තමන්ට දෙන ලෙසද මෙහිදී කොළඹ අ ප රාධ පරීක්ෂණ කොට්ඨාසය චමුදිත සමරවික්‍රම මහතාට දැනුම් දී තිබේ.

මේ අතර චමුදිත සමරවික්‍රම මහතා තමන් ඇතුළු පිරිසට ඇප දෙමින් නිරෝධායන කටයුතු සඳහා අධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කළ බවට චන්දිමාල් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ නීතිඥයන් විසින් පෙත්සමක් ගොනු කර තිබේ.

සුභාෂිණී සහ රක්ෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here