වසංගත රෝග ප්‍රධානියා ගැන රජයේ තීන්දුව සෞඛ්‍ය ලොක්කන් පරක්කු කරයි.

0

රජයේ වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ තනතුර ඇතුළු ඉහළ නිලතල ගණනාවක වෙනස්කම් කඩිනමින් කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ බලධරයන් වෙත දැනුම් දී දින ගණනාවක් ගතවී ඇතත් ඒ කිසිවක් නිසි ලෙස සිදුවී නැතැයි දේශයට වාර්තා වෙයි.

රජය මෙම තීරණය ගත්තේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීම ගැන කරන ලද මූලික විමර්ශනයකින් පසුවය. සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශපාලන බලධරයන් සේවාවේ ප්‍රශ්න ගැන කිසිදු තැකීමකින් තොරව තමන්ගේ අභිමතය පරිදි ක්‍රියාකිරීම නිසා බොහෝ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයිද වෛද්‍ය සංගම් නියෝජිතයෝ සඳහන් කරති.

මෙම තනතුරු වෙනස් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි. එය හිතාමතා අතපසු කරන බව වෛද්‍ය සංගම්වල මතයයි.

විශේෂයෙන් වසංගත රෝග අංශය සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් කරන ලද පැමිණිලි කිසිවකට සෞඛ්‍ය අමාත්‍යංශ බලධරයන් ප්‍රතිචාර නොදැක්වීම ගැන වෛද්‍ය සංගම් ඒකාබද්ධව කිසියම් පියවරක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද නම් සඳහන් කිරීමට අකමැති වූ වෛද්‍ය සංගම් ප්‍රධානියකු දේශයට පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here