ඇමරිකාවෙ තියෙන්නෙ ඉහළ තෙල් මිලක්..අනිත් රටවලත් එහෙමයි – කබ්‍රාල්.

0

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහළ ඉන්ධන මිලක් බවත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් කරුණු ප්‍රකාශ කරයි. රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඛණිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවයි.

පළමු මාස 04 දී පමණක් ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බවත් මෙය බැංකු කේෂ්ත්‍රයට බලපෑම් එ ල්ල කරන බවත් එමගින් රටේ ආර්ථික ස්ථාවරත්වයට ද ගැටලුවක් ඇති වන බව ප්‍රකාශ කරයි.

තෙල් නිෂ්පාදන කරන ඉන්දුනීසියාව සහ සෞදි අරාබියාවේ ඉන්ධන මිල පවතින්නේද මෙරට මිලට වඩා ඉතා සුළු වශයෙන් පහළ අගයක බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here