එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් වලින් ජී විතක්ෂයට.

0

බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනෙකු කොවිඩ්  ආසාදිතව මි ය ගොස් ඇතැයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසීය.

ගෝනවල ප්‍රදේශයේ නිවසක ගෘහ මූලිකයා වූ පියා (51) ඉකුත් 1 වැනිදා රාගම රෝහලේදී ද ඔහුගේ පියා ඉකුත් 4 වැනිදා එම රෝහලේදීම ද ඔහුගේ මව (69) නිවසේදී ද කොවිඩ් ආසාදිතව මි ය ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේය.

එම නිවෙසේ තවත් හතර දෙනෙකුට පී.සීආර්. පරීක්ෂණ සිදු කර නිරෝධායනයට යොමුකර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොවිඩ් 19 ආසාදිතයන් 4200 දෙනකු වාර්තා වන අතර ඉන් 3000කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බව ද හෙතෙම කීවේය.

පුද්ගලයන් 2900 දෙනකු නිරෝධායනයට යොමුකර ඇති බව ද පෙරේරා මහතා පැවැසීය.

බියගම නිදහස් වෙළෙඳ කලාපය සහ කර්මාන්ත ශාලා හා ආයතන ආශ්‍රිතව ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් දෙගොඩ සියඹලාපේත්ත ග්‍රාමයේ පමණක් පී.සී.ආර්.පරික්ෂණ 100 ක් අද (14) දින සිදු කිරීමට නියමිත බවත් සමන් පෙරේරා මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here