මව රෝහලේ.

0

රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබි නියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳාට ජීවිතය අහිමී වී තිබෙනවා.

මෙසේ තම දිවි අහිමි කර ගැනීමට උත්සහ කර ඇත්තේ 28 හැවිරිදි සදාසිවම් ශ්‍රී කුමාරි යන කාන්තාවකි.පෙරේදා (13දා) සවස එම කාන්තාව නිවසේ නොසිටි බැවින් නිවැසියන් ඇය සොයන විට නිවසට මඳක් දුරින් වූ අ නා රක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක තිබේ.

පසු අවට නිවෙස්වල අයගේ උපකාර මත ඇය රෝහල වෙත රැගෙන ගිය බව ඇයගේ වැඩිමහල් සොහොයුරිය පැවසුවාය.

ඇය රෝහල වෙත ගෙන ගිය පසු කුසෙහි සිටි දරුවා ළිඳ තුළදී බිහි කළ බව පැවසීමෙන් පසු බිළිඳා සෙවීමේ කටයුතු ඊයේ දිනයේදී (14දා) සිදු කළ බවද සොහොයුරිය පැවැසීය. ඇයගේ ස්වාමි පුරුෂයා මැදපෙරදිග රැකියාවක නියුතු අයෙකි.

සවස 3.00ට පමණ බිළිදාගේ සිරුර ගොඩගන්නා ලද බවත් එම දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල රෝහල වෙත ගෙන ගිය බව රඹුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මැල්කම් පේට් පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හා මව මෙලෙස සිදු කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය විසින් සිදු කරන බව මැල්කම් පේට් මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here