ඉදිරියේදී අනපේක්ෂිත ලෙස කොවිඩ් රෝගීන් වැඩිවේවි

0

ඉදිරි දින කිහිපයේදී අනපේක්ෂිත ලෙස දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවන බව ⁣නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ වන විට එම තත්ත්වය පාලනය කර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන බවද ඔහු කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (14 වැනිදා) ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව මෙරට දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවට ජාත්‍යන්තර දත්ත වාර්තා කරන බවද ඔහු පැවසීය.

ඉදිරියේදීත් සංචරණ සීමා පවත්වාගෙන යාම මගින් යම් තරමකට මෙම දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් පාලනය කළ හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

වරුණී පෙරමුණ (අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here