ජනපති,හමුදාපති ඇතුලු ඉහළ පිරිසක් පිළිබඳව අසත්‍ය පුවත් පළ කළ 20 ක් සොයා පරීක්ෂණ.

0

ජනපති,හමුදාපති හා තවත් කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා අ සත්‍ය පුවත් පතුරවන පුද්ගලයන් 20ක් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මෙලෙස විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවන කිහිපදෙනෙකුම විදෙස්ගතව සිටින බවත් තවත් පිරිසක් මෙරට සිටින බවටත් තොරතුරු වාර්ථා වේ.

ඔවුන්ගේ ගිණුම් වලට විවිධ ආයතන වලින් හෝ රටවලින් මුදල් ලැබෙන්නෙද යන්න පිළිබඳවද සැකයක් මතුව ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්ථා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට චේතනාන්විතව අසත්‍ය පුවත් පළකල මෙරට රැඳී සිටින පුද්ගලයන් කිහිපදෙනෙකු පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here