තනතුරු බලාගෙන දේශපාලනය කරේ නෑ…ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඉන්නව…නාවලපිටිය නගරාධිපතිගෙන් ප්‍රතිඥා

0

එක්සත් ජාතික පක්ෂ දෙකට වීමත් සමග විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස සමග අත්වැල් බැඳගන්නේ නව බලාපොරොත්තුවක් සමඟයි.මෙලෙස පක්ෂය දෙකඩ වීම හේතුවෙන් ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ නගරාධිපතිවරු කිහිප දෙනෙක්ටම පසුගිය මැතිවරණ කාලය තුළ එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තම පක්ෂය සමඟ නොසිටියොත් ඉදිරියේදී නගරාධිපතිදූර සහ ප්‍රාදේශීය මන්ත්‍රීකම් ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳව තීරණයක් ගෙන තිබෙනවා.

නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන සියලුම නගරාධිපතිවරුන් හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා .

ඒ අනුව නාවලපිටිය සමගි ජන බලවේගයේ ආසන සංවිධායක සසංක සම්පත්ගේ නගරාධිපතිදූරයද ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වෙනවා.

නාවලපිටිය නගරාධිපතිවරයා නගරාධිපතිදූරය ලබාගත්තේ මහින්දානන්ද අලුත්ගමගේ,ආනන්ද අලුත්ගමගේ වැන්නවූන්ගේ දේශපාලනයටද අභියෝග කරමින් වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙලෙස නාවලපිටිය නගරාධිපතිව ඉවත් කිරිම සම්බන්ධයෙන් සාමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබීමටද ඔහුගේ මෙම දේශපාලනය ඉවහල් වී තිබෙනවා.

මේ පිළිබඳව අප ඔහුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කිසිදු විටෙකත් තම ප්‍රතිපත්ති වෙනස් නොකරන බවත්,තනතුරු වරදාන වරප්‍රසාද අහිමිවූවත් තම ජනතාව හැර නොයන බවත් ය.

එමෙන්ම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්ව ආ මිසක මේ තනතුර බන්දේසියක තබා කවුරුත් නොදුන් බවද ඔහු පවසා සිටිනවා.එම නිසා සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය සමඟ තමා ඉදිරියේදිත් ජනතාව වෙනුවෙන් තම දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් අප සමග අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here