කොස් ගෙඩිය කෙක්ක දිගේ කෙලින්ම පපුවට…දෙදරු පියා ජී විතක්ෂයට

0

රිටක් ආධාරයෙන් කොස් ගෙඩියක් කැඩීමට ගිය දෙදරු පියෙක් එම කොස් ගෙඩිය පපුවට වැටීමෙන් මි ය ගිය පුවතක් වැලිපැන්න පොලිස් වසමෙන් වාර්තා වේ.

වැලිපැන්න, කෝපිවත්ත, රන්මුතු උයනේ පදිංචි වඩුකාර්මිකයකු වන හර්බට් ගාමිණී ලෙනෝරා නමැති 68 හැවිරිදි දෙදරු පියෙක් මෙසේ මි ය ගොස් ඇත.

මි ය ගිය අය පළමු විවාහයෙන් වෙන්ව වසර ගණනාවකට පසුව දෙවන විවාහයක් කරගෙන ඇත. පළමු විවාහයෙන් දියණියන් දෙදෙනකු සිටියද දෙවන විවාහයෙන් දරුවන් නොමැති බවත්, දෙවන වරට විවාහ වූ බිරිඳත් සමග වැලිපැන්න, කෝපිවත්ත, රන්මුතු උයනේ පදිංචිව සිට ඇත.

මේ දිනවල පවතින සංචරණ සීමා නිසා නිවසේ ගතකරන අතරතුර කොස් ගෙඩියක් කැඩීමට යෑමේදී මෙම අ න තුර සිදුවී ඇති බව පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇත.

කොස්ගෙඩිය මි ය ගිය අයගේ පපුව ප්‍රදේශයට වැටීම නිසා එම ස්ථානයේම ඇ ද වැටී ඇති අතර නිවැසියන් සුව සැරිය ගිලන් රථයට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි ගිලන්රථ සේවකයන් අනතුරට පත් අය පරීක්ෂා කර ඔහු මි ය ගොස් ඇති බව දැනුම් දී තිබේ.

මෙම අනතුර පිළිබඳ වැලිපැන්න පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව වැලිපැන්න හදිසි ම රණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති විසින් හදිසි ම රණ පරීක්ෂණය පැවැත් වූ අතර එහිදී මි ය ගිය අයගේ ප්‍රථම විවාහයේ දියණියක විසින් තම පියාගේ හදිසි වි යෝව පිළිබඳ සැකයක් පවතින බවත් එම නිසා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු මත මි ය ගිය අයගේ මෘ ත දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට හදිසි ම රණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති විසින් නියෝග කළේය.

බන්දුතිලක තඹවිට – මතුගම ( අරුණ )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here