ජයසූරිය දැඩි කල කිරීමෙන්! රට හැර යන්න සූදානම්

0

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය රට හැර යාමේ සූදානමින් පසුවන බව දැනගන්නට ඇත.

ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සදහා කිසිදු පාර්ශ්වයකින් ආරාධනා නොලැබීම හේතුකොටගෙන ජයසූරිය මේ් දීනවල දැඩි කල කිරීමකින් පසුවීම ඒ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම මේ වනවිට ජයසූරිය හට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයක පුහුණුකාර ධූරය බාරගන්නා ලෙසට ආරාධනාවක්ද ලැබී ඇත.

ඒ සමගම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීමටද යෝජනා වී ඇති බව පැවසේ.

ඒ අනුව ජයසූරිය බොහෝ දුරට සිය පවුල සමගින් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමේ සූදානමකින් පසුවන බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද ජයසූරිය ප්‍රසිද්ධියේම පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගෙන තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here