‍’තාත්තා නැති අඩුව පුරවන්න පැල් ගිය අම්මා‍’ 14 හැවිරිදි පුතා සමඟම නොඑන ගමන් යයි (VIDEO)

0

තම කුඹුරේ පැල් රකිමින් සිටි මවක සහ පුතෙකු හදිසි ගි.න්නක් හේතුවෙන් ම.රණයට පත් වී තිබෙනවා.

හබරන කිතුල්උතුව ප‍්‍රදේශයේ කුඹුරු යායක ඉදිකර තිබූ පැළකදී මේ දෙදෙනා මෙම ගි න්නට හසුවී තිබෙන බවයි පොළොන්නරුව හතරැස්කොටුව පොලිසිය පැවසුවේ.

හබරන කිතුල්උතුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි මවක් සිය 14 හැවිරිදි පුතු ද සමඟ ඊයේ රාත‍්‍රියේ පැල් රැකීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් රාත‍්‍රියේ පැල් රකිමින් සිටියදී එම පැළෙහි හදිසි ගි.න්නක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කුඹුරේ ආරක්‍ෂාවට ඇද තිබූ අ.නවසර විදුලිය රැහැනකින් විදුලිය කාන්දුවී එම පැළ ගි නි ගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධියෙන් මි ය ගියේ 44 හැවිරිදි මවක් සහ 14 හැවිරිදි වියේ පසු වූ ඇගේ පුත‍්‍රයායි.

මි ය ගිය කාන්තාවගේ සැමියා මීට කලකට පෙර මි ය ගොස් ඇති නිසා කුඹුර රැක ගැනීමට මේ දෙදෙනා දිනපතා පැල් රැකීමට යන බවයි ප‍්‍රදේශවාසින් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් හතරැස්කොටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here