රනිල් ලියූ ලියුමෙන් පසු අනුර ලඟ වෙනුවට වෙන තැනක ආසනයක්

0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට පාර්ලිමේන්තුවේ අංක 13 දරණ ආසනය වෙන් කොට ඇති බව වාර්තා වේ.

මීට පෙර වාර්තා ‌වී තිබුණේ අංක 16 දරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද ආසනය ඒ මහතාට වෙන් කොට ඇති බවකි.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ බලධාරීන්ට ලිපියක් යොමු කොට ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව මෙතෙක් සම්බන්දන් මහතාට හිමිව තිබූ අංක 13 ආසනය වික්‍රමසිංහ මහතාට ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට දින යළි පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව තිබේ.

මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා.ඇතැමුන් පවසා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තු පැමිණීමට ගත් තීරණය පිටුපස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිටින බවයි.කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමා යළි පාර්ලිමේන්තු පැමිණීමට අකමැතිව සිටි නමුත් පක්ෂයෙන් දිගින් දිගටම ලැබුණු යෝජනා හේතුවෙන් නැවත වරක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවයි.

එමෙන්ම ඇතැමුන් මත පල කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිනීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ ඇතැමුන්ගේද සහය ඇතිව යළි විවිපක්ෂනායක දූරය ලබා ගනු ඇති බවයි.කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ විපක්ෂනායකවරයෙකු දැනට සිටින බවත් තමා පාර්ලිමේන්තු පැමිනෙන්නේ මේ වනවිට රටේ පැණනැගී ඇති කොවිඩ් වසංගත තත්වයෙන් රට මුදාගැනීම පිළිබඳව හා රට යළි ගොඩනැගීම පිළිබඳව කතා කිරිමට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here