බළලුන් 1000 කට අම්මා වෙන අරුම පුදුම කාන්තාව.

0

තම නිවෙස සුරතල් බළලුන් දහසක් වෙනුවෙන් වෙන් කළ කාන්තාවක් ගැන අමරිකානු මාධ්‍ය සඳහන් කරයි.

ලිනියා ලැටන්සියෝ වන ඇය මුළු ජීවිත කාලය පුරාම සත්ත්ව උපදේශිකාවක ලෙස කටයුතු කර තිබේ. වර්ග අඩි 4200ක් විශාල ඇයගේ සම්පූර්ණ නිවසම රැකවරණයක් නොමැති බළලුන්ට නවාතැන් සපයා ඇත.

නිවසෙහි නිදන කාමර පහක් ඇති නමුත් නිවසේ සියලුම ඉඩකඩ බළලුන්ට වෙන් කරමින් එළිමහනේ තනාගත් කුටියක ඇය දවස ගෙවයි.

සත්ත්ව අවිහිංසාවේදිනියක් වන ලිනියා මීට වසර තිහකට පමණ පෙර කැලිෆෝනියා ප්‍රාන්තය තුළ කුරුලු පැටවුන් වෙනුවෙන් විශාලතම කූඩු අභයභූමියක්ද ආරම්භ කර ඇත.

ලිනියා ලැටන්සියෝ ආරම්භ කළ The cat house of the kings සංවිධානය මේ වනවිට බළලුන් 30,000ක් සහ බල්ලන් 7,100ක් බේරාගෙන ඇත.

මෙම සතුන් අතරින් සෑමවිටම ප්‍රතිකාර අවශ්‍ය කෙනකු සිටින බවත් බළලුන් දහසක් පෝෂණය කිරීමට හා ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මසකට ඇයට ඩොලර් මිලියන 1.6ක් පමණ වැය වන බවත් ඇය මාධ්‍ය වෙත පවසා තිබුණි.

කෙසේ වෙතත් ස්වේච්ඡා සේවකයන්ගෙන් හා ඇයගේ කාර්ය මණ්ඩලයෙන් ඒ සඳහා අසීමිත සහයෝගයක් ලැබෙන බවද ඇය පවසයි.

කෙසේ වෙතත් මෙම බළලුන් පිළිබඳ සංවේදී වූ ධනපති කාන්තාවක වන ඩොරින් වොලට් නමැති කාන්තාවක් ඇය සතු අක්කර ගණනක වතු යායක් අභය භූමියක් වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇත.

•එරංදි කෞශල්‍යා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here