පොලීසියෙන් තවත් වීරක්‍රියාවක්..කසිප්පු ගැන ඔත්තු දුන් අය ගැන කසිප්පුවන්ට කියලා.

0

කසිප්පු පෙරීමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම ගැන උ.රණව සිටි කසිප්පු පෙරන පිරිසක් පුද්ගලයන් දෙදෙනකුට ක.ඩු වකින් කො ටා ඔවුන් ගමන් කළ ලොරියට ගි නි තබා වි නා ශ කර ඇත.

මේ සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ අ.පරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භකර තිබේ.

පරසන්ගස්වැව දොරමඩලාව විහාරස්ථානයට හැරෙනා මාවතතේ ලොරියේ ගමන් කළ අයියා-මලෝ දෙදෙනාට ක ඩු ප්‍ර.හාරය එල්ලවී තිබෙන බවත් ඉන් මල්ලී බ ර පතළ කැ පු ම් තු වා ල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පැවසේ.

සැකකරුවන් සිවුදෙනකු ලොරිය පසුපස පන්නාගෙන විත් රථයේ සිටි අයියාට ක.ඩු ප..හර එල්ල කළත් ඔහු එයින් බේරී ඇත.

එහෙත් මල්ලී ඔවුන්ට හසු වී තිබේ.පසුව රථයට පෙට්‍රල් දැමූ සැකකරුවෝ එයට ගි.නි තබා තිබේ.මෙම අයිය මලෝ දෙදෙනා මිහින්තලය පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඌ රු කොටුවක් පවත්වා ගෙන යන බව පොලිසිය පවසයි.

කසිප්පු පෙරීම පිළිබඳව පොලිස්ථානයකට ලබා දුන් තොරතුරු පොලිස් නිලධාරියකු කසිප්පු පෙරන පුද්ගලයින්ට අනාවරණය කිරීම නිසා මෙම දෙසොහොයුරන්ට මෙලෙස ප හර දී තිබෙනා බව ද අනාවරණය වේ.

මෙම සිද්ධිය කළ හා රථයට ගි.නි තැබූවන් පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි. බ රපතළ තු..වාල ලබා ඇති තරුණයාට (මල්ලී) ශල්‍යකර්මයක් කර තිබෙනා අතර ඔහුගේ තත්ත්වය බ ර පතළ බව අනුරාධපුර ශික්ෂණ රෝහල පවසයි.

( උපුටාගැනීම අරුණ පුවත්පතින් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here