ඩෙල්ටා පොකුරක් නිර්මාණය වීම වැළැක්විය නොහැකියි.

0

රජයට බදු මුදල් සපයා ගැනීමේ තාවකාලික පියවරක් ලෙස බා ර් විවෘත කිරීමේ අ දූ රදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් “ඩෙල්ටා බා ර් පොකුරක්” නිර්මාණය වීම වැළැක්විය නොහැකි යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ම ත්පැ න් පානය කරන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් අවම මට්ටමක පවතින බැවින් ඔවුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් ඉතා ඉක්මනින් ම.රණයට පත්වන බවත් එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඔහු ම ත්පැ න් සඳහා වියදම් කළ මුදල මෙන් පස් ගුණයක් රජයට වියදම් කිරීමට සිදුවන බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

ලෝකයේ ද රු ණුතම කොවිඩ් වයිරසය ලෙස සැලකෙන ඩෙල්ටා වයිරස් ප්‍රභේදය මේ වන විට රටට ඇතුල් වී ඇති බැවින් එහි ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් සිදුවෙන බවත් පෙන්වා දෙන ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද මෙයින් මිදිය හැකි හොඳම ක්‍රමය වන්නේ දුරස්ථභාවය රැක ගැනීම යැයිද පෙන්වා දේ.

කෙසේ වෙතත් තැ බෑ රුම් අසල පවතින දිගු පෝලිම්වල දුරස්ථභාවය කිසිවිටෙකත් ආරක්ෂා නොවන බව පැහැදිලිව පෙනෙන කරුණක් වන අතර මෙය ඩෙල්ටා ප්‍රභේදය පමණක් නොව තවත් වයිරස් ප්‍රභේද රැසක්ම පැතිර යාමට සුදුසු පරිසරයන් බවට පත්වීම අරුමයක් නොවන බවද ඔහු පෙන්වා දේ.

කොවිඩ් වයිරසය වැඩිම බලපෑමක් ඇති කරනුයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට වන අතර ම ත්පැ න් පානයෙන් ප්‍රතිශක්තිය අඩු වීමක් මිස වැඩිවීමක් කිසිවිටකත් සිදු නොවන බැවින් කොවිඩ් වසංගතය මෙරටින් තුරන් වන තෙක් බා ර් ඇතුළු ම ත්පැ න් අලෙවිසල් සියල්ලම මුළුමනින්ම වසා දැමීමට සුදුසු බවත් එසේ වන්නේ නම් රජයට ම ත්පැ න් අලෙවියෙන් ලැබෙන බදු මුදලට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගත හැකි යැයිද හෙතෙම අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here