දියණියට ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න පියෙකු ගත් අති බි හිසුණු තීන්දුව (VIDEO)

0

කොරෝනා වසංගත තත්වයත් සමඟ දින නියමයක් නොමැතිව පාසල් වසා දැමීමත් සමඟම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුව තිබෙන්නේ Zooo ඇප් එක හරහාය.

කෙසේවෙතත් මේ ඔස්සේ බොහෝ සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අ සීරු වී තිබෙන්නේ දුරකථන සංඥා අ වහිරවීම් හේතුවෙනි.

නගරබද දරුවන්ට සිග්නල් ඕනෑතරම් තිබුණත් බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන්වල සිසු දරුවන්ට සිග්නල් සොයායෑමට සිදුව ඇත්තේ බොහෝ අ පහසුතාවයන්ට මුහුණ දීමෙනි.

කදු උඩ,ගල් ගස් උඩ,වහලවල් උඩ,ඉතා ඉහළ වතුර ටැංකි උඩ තම අධ්‍යාපන කටයුතු කිරීමට සිග්නල් සොයා ගන දරුවන් පසුගිය කාලය පුරාම නොයෙක් ප්‍රදේශයන්වලින් දැකගැනීමට හැකි විය.

මේ එවැනි තවත් අති දු ෂ්කර ක්‍රියාවකි.Online ඔස්සේ සිදුකරන සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම ජීවිත අ ව දානම ගැන ද නොසිතා කටයුතු කළ පියෙකු සම්බන්ධයෙන් පුවතක් බදුල්ල පස්සර ප්‍රදේශයේ පිහිටි වරාදොල ගම්මානයෙන් වාර්තා වනවා.

චන්දික සම්පත් වන මෙම පියා සිය දියණිය සහ ගුරුවරියක් වන තම භාර්යාවන්ගේ, Online අධ්‍යාපන කටයුතු සිදුකරලීම සඳහා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් BBC සිංහල පුවත් සේවය මෙසේ වාර්ථා කර තිබුණා.

ඔහු පවසා සිටියේ දහවල් කාලයේදී  ප්‍රදේශයේ සිග්නල් ඇති නොයෙකුත් තැන්වලට ගොස් අධ්‍යාපන කටයුතු කිරීමට හැකි වූවත් රාත්‍රී කාලයේදී එය සිදුකළ නොහැකි නිසා බොහෝ දෙනා එපා කීවත් මෙම තීන්දුව ගත් බවයි.

එම වීඩියෝව පහළින්,

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here