අති බි හිසුණු ”ඩෙල්ටා” පැතිරීම දෙගුණයකින් වැඩිවෙයි

0

මේ වන විට ලොව පුරා ශීඝ‍්‍රයෙන් පැතිර යන බලවත්ම කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස නම් කර ඇති ඉන්දියාවෙන් හඳුනා ගැනුණු ”ඩෙල්ටා” කොරෝනා ප‍්‍රභේදය පැතිරීමේ වේගය ඉකුත් සති දෙක තුළදී දෙගුණ වී ඇති බව බටහිර විද්‍යාඥයන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කර තිබේ.

මේ යටතේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම ”ඩෙල්ටා” ප‍්‍රභේදයට ගො දුරු වී ඇති බව අනාවරණය වී තිබේ.

”ඩෙල්ටා” ප‍්‍රභේදය ආසාදනය වූ අයෙකුට රෝහල්ගතවීමට ඇති අවස්ථාව එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය වන ”ඇල්ෆා” ප‍්‍රභේදය ආසාදනය වූ අයෙකුට වඩා දෙගුණයකින් වැඩි බව විද්‍යාඥයන් විසින් හෙළි කර තිබේ.

මේ අතර මේ වන විට ඉතා දැඩි අවධානයක් යොමු කළ යුතු කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස ලෝක සෞඛ්‍ය සංව්ධානය හා ඇමරිකාවේ රෝග වැළැක්වීම හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය විසින් නම් කර ඇති ”ඩෙල්ටා” ප‍්‍රභේදයට සම්බන්ධ ”ඒ වයි .1” හෙවත් ”ඩෙල්ටා ප්ලස්” නමැති නව කොරෝනා ප‍්‍රභේදය ඉන්දියාවේ හිස ඔසවමින් පවතින බවද වාර්තා වී තිබේ.

පසුගිය දිනවල ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පැවතිය ද එරටින් ”ඩෙල්ටා ප්ලස්” ප‍්‍රභේදය ආසාදනය වූ 40 දෙනකු හඳුනාගැනීමත් සමගම බලධාරීන් විසින් මහාරාෂ්ට‍්‍ර, කේරළ හා මධ්‍ය ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වැඩියෙන් පරීක්ෂණ සිදු කරන ලෙස දැනුම් දී තිබේ.

මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මුලින්ම වාර්තා වූයේ යුරෝපයේ රටවලිනි. මෙය ඉහත කී ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිරීමට හැකි ප්‍රභේදයක් ලෙස සැලකේ. එමෙන්ම එය අද පවතින එන්නත්වලින් ම ර්ද නය කළ හැකි වේවිද යන්න සම්බන්ධයෙන්ද විශේෂඥයන් තුළ සැ ක සං කා පවතින බව පෙනේ.

ඉන්දියාවේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය නිසාද දෙවෙනි රැල්ල වැනිම තත්ත්වයක් ඇති විය හැකිද යන්න සම්බන්ධයෙන් බි ය පළ වී තිබෙනු දැකිය හැකි වේ.ලොව පුරා රටවල් රැසකින් මෙම ඩෙල්ටා ප්‍රභේද හදුනා ගැනීම යළිත් කොරෝනා පිලිබදව දැඩි අවදානමක් ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here