අම්ම තාත්ත නෑ…අවුරුදු දෙකහමාරයි..වකුගඩුවකුත් අයින් කරල..පුලුවන්නනම් උදව් කරන්න.

0

අ වාසනාවන්ත ලෙස වයස අවුරුදු එකහමාරේදී මව මි ය ගිය කුඩා චතුරණ දරුවාට වයස අවුරුදු දෙක හමාරක් වෙද්දී හදිසි අ නතුරකින් තම පිය සෙනෙහසද අහිමි වූවේය. මෙවන් තත්වයක් යටතේ උපන් චතුරණ මේ වන විට දරු ණු වකුගඩු පි ළිකා රෝගයට ගොදුරුව එක් වකුගඩුවක් ඉවත් කොට ඉතා අසරණව අනුරාධපුර ශික්ෂණ රොහලේ ප‍්‍රතිකාර ලබයි.

මහලූ ආචිචි අම්මාගේ හා සීයාගේ රැකවරණය මැද ජීවත් වන චතුරණ රැක බලා ගැනීමට ආර්ථික ශක්තියක් නැති ඔවුහු සංචරණ සීමා මැද අන්ත අසරණ බවට පත්ව සිටිති. ප‍්‍රතිකාර සඳහා නිතර නිතර දරුවා රෝහලට රැගෙන ඒමට තරම්වත් ආර්ථික ශක්තියක් ඔවුන්ට නැත.

මේ නිසාම රෝහලේ කාර්ය මණ්ඩලය ද මේ දරුවා ගැන මහත් වූ අනු ක ම්පා වෙන් යුතුව රෝහලේ දී දරුවාට උපරිම පහසුකම් ලබාදීමට මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.

දරුවාගේ මිත්තණිය පනස් හත් හැවිරිදි වියේ පසු වන ටී. ජේ. චන්ද්‍රාවතී ද දියවැඩියා රෝගයෙන් ඔත්පලව සිටියි.පනස් නව හැවිරිදි එස්. එස්. රණවීර වන සීයාටද කුලී රැකියාවක් හෝ කරගත නොහැකි තරමට අසනීපවලින් පෙළෙමින් සිටියි.

මෙම යුවළට තවත් දියණියක් ද සිටින අතර ඇයව රැක බලා ගැනීමත් ජීවත් කරවීමටත් නොවිඳිනා දුක් විඳීමට සිදුව තිබේ. වෛද්‍ය ප‍්‍රතිකාර ලබන පුංචි චරණගේ වයස මේ වන අවුරුදු හතර හමාරකි. දරුවාට අවශ්‍ය ඹෟෂධ රෝහලෙන් ලැබුණද පෝෂ්‍යදායක ආහාර වේලක් තබා දවසට එක වේලකින් හෝ දරුවාගේ කුස පිරවීමට නොහැකිව සිය පවුලම අ සරණය.

සතිපතා දරුවා රෝහලට රැගෙන ඒමත් නේවාසිකව දරුවා රෝහලේ තබාගෙන සිටීමත් නිසා මේ අ සරණ දරු පවුලට කරකියා ගත හැකි කිසිවක් නොමැත.

හැකි අයකු සිටිනම් මේ දරුවා වෙනුවෙන් යමක් සිදුකරදෙන ලෙස අනුරාධපුර ශික්ෂණ රොහලේ කාර්ය මණ්ඩලය පරිත්‍යාගයශීලින්ගෙන් ඉල්ලා සිටිති. අනුරාධපුර සාලියපුර 08 කණුව යන ලිපිනයේ පදිංචි ඔවුන් සම්බන්ධ කර ගැනීමට ජංගම දුරකතනයක් පවා ඔවුන් සතුව නොමැත.

මේ නිසා යම් පිහිටක් විය හැකි අයකු සිටි නම් අනුරාධපුර ශික්ෂණ රොහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ දුරකතන අංක 0714633727 ඇමතීමෙන් මෙම අසරණ පවුල සම්බන්ධ කර ගැනීමට ඔබට සහය ලබා ගැනීමට හැකිය.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here