අධිවේගයට හොරෙන් පැන රේස් ගිය යතුරුපැදිය හා මෝටර් රථය ගි නි ගනී..තරුණයෝ දෙදෙනෙක් අවසන් ගමන් යයි.

0

අධිවේගී මාර්ගයට නාරම්මල, වදාකඩ ප‍්‍රදේශයෙන් ඊයේ (25 දා) සවස අ.නවසරයෙන් ඇතුළු වූ යතුරුපැදියක් සහ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කර එකිනෙක ගැ ටී ගි නි ගැනීමට ලක්වීමෙන් තරුණයන් දෙදෙනකු මි ය ගොස් ඇත.

යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා මෙසේ මි ය ගොස් ඇති අතර ඔවුහු අවුරුදු 24 සහ 26 වයසේ පසුවන නාරම්මල ප‍්‍රදේශයේ පදිංචිකරුවෝය.

යතුරුපැදිය සහ මෝටර් රථය තරගයට ධාවනය කිරීමෙන් එකිනෙක ගැ ටී මෙසේ ගි.නි ගැනීමට ලක්වී ඇති බව පොලිසිය පවසයි.

මෝටර් රථයේ ගමන් කළ තරුණයන් පස්දෙනා අතුරින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තිදෙනකු ප ලා ගොස් ඇත.නාරම්මල පොලිසිය විමර්ශන සිදුකරයි.

හේමන්ත රන්දුණු – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here