පීසීආර් නෙගටිව් වුණ කොළ වඳුරා මි ය යයි

0

කොවිඞ් සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර   ‘නෙගටිව්’ ප‍්‍රතිඵල පෙන්වූ ජාතික සත්වෝද්‍යානයේ විසූ ශ‍්‍රී ලංකාවේ කොළ වඳුරකු පෙරේදා (24 දා) මි ය ගොස් ඇත.

ම රණයට ආසන්න හේතුව එම සත්වයාට නොගැලපෙන ආහාර ලබා දී තිබීම බව වාර්තා වෙයි.

ම රණ පරීක්ෂණයේදී කුස තුළ ම ස් හා බිත්තර අඩංගුව තිබුණු බවට හඳුනාගත් බවත් කොළ වර්ග හා පලතුරු අනුභව කරන කොළ වඳුරන්ට මෙසේ මාං ශමය ආහාර ලබාදී ඇත්තේ කුමන පදනමකින් ද යන්න ප‍්‍රශ්නයක් බවත් සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි.

තරමක් අසනීප ගතියකින් පසු වූ මෙම වඳුරාට ම ස් හා බිත්තර ආහාර පිණිස ලබා දෙන ලෙස සත්වෝද්‍යාන බලධාරියකු පවසා ඇති බව දැන ගන්නට තිබේ.

කොවිඩ් ආසාදනය වී සිටින ‘තෝර්’ නමැති සිංහයාගේ සෙ ම් ප ටල සා ම්පල සමග මෙම වඳුරාගේ ද සාම්පල පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අ ණුක ජී ව විද්‍යා රසායනාගාරයට යවා තිබුණු අතර එම සා ම්පල ‘නෙගටිව්’ ප‍්‍රතිඵල පෙන්වා තිබුණි.

ජගත් කණහැරආරච්චි, සමන්ති වීරසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here