කොරෝනාවෙන් එකම පවුලේ තිදෙනෙක්ටම දිවි අහිමිවෙලා..එහෙම උනේ කොහොමද

0

කොවිඩ් ආසාදනයෙන් පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු මි ය ගිය සං වේදී පුවතක් වාර්තා වෙයි.

එම පවුලේ 72 හැවිරිදි පියා , 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයා මෙලෙස මි ය ගොස් ඇති අතර ඔවුන් මි ය ගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කොවිඩ් ආසාදනයත් සමග මොවුන් තිදෙනාටම අවස්ථා කිහිපයකදී ශ්වසන අපහසුතා හටගෙන තිබේ.

මීට අමතරව එම පවුලේ සෙසු සාමාජිකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනා මේ වනවිට පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ

එකම පවුලේ 3 දෙනෙකු මි ය ගියේ කෙසේද යන්න අනිවාර්යයෙන් සොයා බැලිය යුතු කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් වැළැක්වීමට රජය හැටියට, සෞඛ්‍ය සේවය හැටියට සහ පවුලක් හැටියට ගතහැකිව තිබුණු පියවර ගෙන තිබුණා ද නැතිනම් නොසැල කිල්ලක් සිදුව තිබුණා ද කියලා සොයාබැලිය යුතු වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here