අති භ යානක ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙනුත් මතුවෙයි

0

ඉන්දීය ඩෙල්ටා සැ ර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති ඉන්දීය ඩෙල්ටා සැ ර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අටක් දක්වා ඉහළ යනු ඇත.

සැර කොරෝනාව ආසාදනයවු කහතුඩුවේ පුද්ගලයා 47 හැවිරිදි වියේ පසුවන්නෙකි.ඔහු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ඉදිකිරීම ආයතනයක පෙදරේරුවකු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

ආසාදිත පුද්ගලයා පොලොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටී.

මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසු එම ආසාදිත පුද්ගලයාගේ මව බිරිඳ සහ පුත්‍රයා නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

එසේම ඔහු ජීවත්වූ මාර්ගය ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ සියයක් කිරීමට කටයුතු යොදා ඇති බවත් පද්මරාජ මහතා කීවේය.

 

(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here