රන්ජන් අසනීපෙන්..කරාපිටිය රෝහලට ඇතුලත් කරන්න උපදෙස්.

0

අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගේ දණහිසේ ආ බාධයකට ප්‍රතිකාර ලබා දීමට ඔහු ගාල්ල කරාපිටිය රෝහලට වහාම ඇතුළත් කරන ලෙස බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව ඊයේ රෝහල් ගත කෙරුනු රන්ජන් රාමනායකට කරාපිටිය රෝහලේ දින ගණනාවක් නේවාසිකව රැඳී සිටිමින් ප්‍රතිකාර ගැනීම සිදු වනු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

තමාගේ දණහිසේ කිසියම් අපහසුතාවක් ඇති බවට රන්ජන් රාමනායක කරන ලද දැනුම් දීමකට අනුව ඔහු ඉකුත් දිනක කරාපිටිය රෝහලට රැගෙන විත් අදාළ වෛද්‍ය පරීක්ෂණවලට භාජන කර තිබිණි. එම වෛද්‍ය පරීක්ෂණවලදී රන්ජන් රාමනායකට දණහිසේ කිසියම් ආ බාධයක් තිබෙන බව තහවුරු වීම නිසා ඔහු රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here