සියලූම හෙද හෙදියෝ අද – හෙට ලෙඩ වෙති..ගැටලූ 10 කට විසඳුම් ඉල්ලයි.

0

ප‍්‍රධාන වෘත්තීය සමිති තුනම නියෝජනය කරනු ලබනු 38000 ක් පමණ වන දිවයිනේ සියලූම හෙද හෙදියෝ අද සහ හෙට (01,02) දින දෙක තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරත වෙති.

සමස්ත ලංකා හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප‍්‍රධානත්වය හොබවන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට නායකත්වය සපයයි.

මේ වනවිට පවතින කොවිඞ් ව්‍යාප්තිය හමුවේ හෙද හෙදියන්ට මුහුණු පෑමට සිදුව තිබෙනු ගැටලූ ගණනාවක් සහ කලක් තිස්සේ පවතින හෙද සේවාවේ ගැටලූ දහයකට අධික ප‍්‍රමාණයකට වහා විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් ඔවුන් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී. මහවත්ත මහතා ‘දිවයින’ ට පැවසීය.

එම ගැ ටලූ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුවත් කර ඇතත් තවමත් නිසි විසඳුම් හෝ ප‍්‍රතිචාර ලැබී නැතැයි ද එම වෘත්තීය සමිති කියා සිටිති.

ඒ අනුව තවදුරටත් සිය ගැ ටලූවලට විසඳුම් නොලැබෙන බැවින් අද සහ හෙට දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ග අනුගමනය කරන බවද ඔවුහු සඳහන් කරති.

ඔවුනගේ ඉල්ලීම් පහත පරිදිය.

2015 වර්ෂයේදී හෙද කාර්ය මණ්ඩලයට ලබා දීමට එකග වූ නිදිවර්ජිත ප‍්‍රවාහන හා අනතුරු දීමනාව රු 15000 ක මුදල වහා ලබාදීම, හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීම, වසර 05 න් 05 ට ශ්‍රේණිගත උසස්වීම් ලබාදීම, දින 05 සතිය හෙද කාර්ය මණ්ඩලය සඳහා ද ලබාදීම, සියලූ හෙද විදුහල් විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම හා සියලූ හෙද නිලධාරීන්ට හෙද උපාධිය ලබාදීම, හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම, කොවිඞ් වසංගතය හමුවේ හෙද නිලධාරීන් මුහුණපා ඇති ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබාදීම (බ ල හත්කාරී ලෙස හෙද හෙදියන් වෙනත් කොවිඞ් රෝහල් වෙත අනුයුක්ත කිරීම වැනි)  පොරොන්දු වූ අමතර සේවා දීමනාව මූලික වැටුපෙන් 1/90 ලෙස ලබා දීම, නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම ඉදිරිපත් කරනු ලැබූ කොවිඞ් ම ර්දන වැඩපිළිවෙළට අදාළ යෝජනාවලිය ක‍්‍රියාත්මක නොකිරීම.

අකිත පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here