මීලඟ අග්‍රාමාත්‍යදූරයට නාමල් රාජපක්ෂ සුදුසුයි

0

මෙරට මීළඟ අග්‍රාමාත්‍ය ධූරය සඳහා නාමල් රාජපක්ෂ මහතා ඉතා සුදුස්සෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසයි.

රජයේ ඕනෑම තනතුරක් දැරීමට නාමල් රාජපක්ෂ මහතා සුදුසු යැයි ද ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ද ඔහුට ඇති බවද ඔහුගේ පවුල් පසුබිම තුළින් මෙරට ඉහළ නායකත්වයකට අවශ්‍ය පන්නරය ලැබී ඇතැයිද සහන් ප්‍රදීප් විතාන මංත්‍රීවරයා පැවසීය.

තරුණ නායකත්වයකට රට ගොඩනැගීමට අවස්ථාව ලබා දුන්නොත් එම කාර්යය නාමල් රාජපක්ෂ මහතාට ඉතා හොඳින් කළ හැකි බවද හෙතෙම පැවසීය.

මෙරට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට තරුණ නායකත්වයකට අවස්ථාවක් ලබා දීම ලබා දීම කාලෝචිත බව ද සහන් ප්‍රදීප් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

( මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here