උෂ්ණත්වය ඉහළ ගොස් කැනඩාවේ සියයක් ම රුට

0

හදිසියේ සිදුවූ උෂ්ණත්වය ඉහළයෑමක් හේතුවෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මි ය ගොස් ඇත. පසුගිය සිකුරාදා සිට හදිසි ම රණ 130කට වැඩි ගණනක් වැන්කුවර් ප්‍රදේශයේ පොලිසියට වාර්තා වී තිබේ.

මි ය ගිය බොහෝ අය වයෝවෘද්ධ පිරිස් සහ නිදන්ගත රෝ ග තත්ත්වයන් ඇති අයය. පරිසරවේදීන් පවසන්නේ දේශගුණික විපර්යාස නිසා තාප තරංග වැනි ආන්තික කාලගුණික සිදුවීම් වැඩි වන බවයි.

කෙසේ වෙතත්, ඕනෑම සිදුවීමක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා සම්බන්ධ කිරීම සංකීර්ණ බවද ඔවුන් පවසා ඇත.

කැනඩාවේ සහ එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශවල අධික උණුසුම ඇති වී ඇත්තේ කැලිෆෝනියාවේ සිට ආක්ටික් ප්‍රදේශ දක්වා විහිදෙන අධි පී ඩන උණුසුම් වාතයෙනි. වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වය ලිහිල් වී ඇති නමුත් මිරිදිය ප්‍රදේශවලට ක්ෂණිකව උෂ්ණත්වය ව්‍යාප්ත වී ඇත.

සමහර ප්‍රදේශවල හදිසි ම රණ වාර්තා වී ඇති නමුත් තවමත් එම සංඛ්‍යා එකතු කර නොමැති බැවින් තවදුරටත් මෙම හදිසි උෂ්ණත්වය හා සම්බන්ධ ම රණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සැක පළ කරයි.

වැන්කුවර්හි පමණක් සිකුරාදා සිට පුද්ගලයන් 65 දෙනකුගේ අනපේක්ෂිත ම.රණ වලට තාපය හේතු වූ බව විශ්වාස කෙරේ.

තමන්ගේ වසර 15ක පොලිස් සේවා කාලය තුළ කෙටි කාලයක් තුළදී මෙතරම් හදිසි ම රණ සංඛ්‍යාවක් කිසි විටෙකත් අත්විඳ නැති බව පොලිස් සැරයන්වරයකු වන ස්ටීව් ඇඩිසන් මාධ්‍ය වෙත පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here