අපේ වෘත්තීය සමිතියෙන් කිව්වත් මේ වෙලාවෙ මමනම් ස්ට්‍රයික් කරන්නෑ.

0

කොවිඩ් වසංගත තත්වය මුලු රටම වෙලාගෙන ඇති මේ මොහොතේ වෘත්තීය සමිති තුනකට අදාල හෙද හෙදියන් 38000 ක් පමණ හෙද දින දෙකක අසනීප නිවාඩු දාමා තිබීම නිසා දිවයිනේ සියලූම රෝහල්වල පාහේ කටයුතු අඩාල වී තිබෙනවා.

එම නිසා නොයෙක් අසනීප තත්වයන් සඳහා ඖෂධ ලබාගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අ සීරුතාවකට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම තත්වයක් යටතේ තම වෘත්තීය සමිතියෙන් කීවත් අසරණ ජනතාව තවත් අසරණ කරමින් තමා කිසිලෙසකින් වෘත්තීය ක්‍රියාමාර්ග නොගන්නා බවට වෛද්‍යවරයෙකු තම මුහුණුපොතේ සටහනක් තබමින් කියා සිටිනවා.

එම සටහන පහළින්,

අපේ වෘත්තීය සමිතියෙන් කිව්වත් මමනම් මේ වසංගත වෙලාවෙ ස්ට්‍රයික් කරන්නෙ නෑ .මොකද පොදු ප්‍රවාහනය අඩ පන වෙලා තියෙන්නේ .මිනිස්සුන්ගෙ ආදායම් මාර්ග ඇහිරිලා තියෙන්නේ.අමාරුවෙන් කනකර උගස් කරල කීයක් හරි හොයාගෙන ත්‍රීවිල් වල නැගිල ඉස්පිරිතාලෙ එන මිනිස්සු බේත් ටිකක් නැතිව , තු වා ලයට බේත් ටිකක් දාගන්න නැතිව ආපහු යවන එක හෙනම ප වක්.සාධාරණ ඉල්ලීමක් තියේනම් මේ කාලෙ පන්නල ඉල්ලුවට අපිට කමක් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here