මොන අභියෝග ආවත් රටේ සංවර්ධනය නවත්වන්නෙ නෑ

0

අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-07-02 වන දින අරලියගහ මන්දිරයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව, පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිම් මග ජනතා අයිතියට පත්කිරිමේ උත්සවය සහ සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවයේදී ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් මැතිතුමා කල සම්පූර්ණ කථාව.

ගරු අගමැතිතුමනි ඔබතුමාට ගොඩක් ස්තූතියි අද දවස අපිට මේ උත්සවයන් තුන පවත්වා ගන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම අපේ ආරාධනය පිළිගෙන මේ උත්සවයට පැමිණීම ගැන අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අද අපි සංවර්ධන ව්‍යාපෘතින් දෙකක් විවෘත කලා. අනෙක් සංවර්ධන ව්‍යාපෘති‍යේ වැඩ ආරම්භ කලා.

අපි රාජ්‍ය බලය අරගෙන අවුරුද්දක් යන්න කලින් අපිට බා ධක ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. පළවෙනි අභියෝගය තමයි වි නාශ කරපු ආර්ථිකය ගොඩ ගැනීම. 2015 දි අපි ආණ්ඩුව භාර දෙන කොට අපේ ආර්ථික වර්ධන වේගය දෙවනි වෙලා තිබුණෙ චීනයේ ආර්ථික වර්ධන වේගයට පමණයි. අපි නැවත වරක් රට භාර ගන්න කොට වි නාශ කරපු ආර්ථිකයක් තමයි අපිට ලැබුනේ. ආර්ථිකය විනාශ කරපු අය තමයි මේ රජයට උපදෙස් දෙන්නේ රට පාලනය කල යුතු ආකාරය ගැන. කඩාවැටුණු ආර්ථිකය ගොඩ නැගීම තමයි අපිට ලැබුණු පළමුවන අභියෝගය.

ඊළඟට අපේ රජයට විතරක් නොවෙයි මුළු ලෝකයටම අභියෝගයක් වුණ, සා.පයක් වුණ කොරෝනා වසංගතය. ඒක තමයි අපේ ආණ්ඩුවට ලැබුණු දෙවැනි අභියෝගය වුණා. අනිත් අභියෝගය තමයි පහලොස් ලක්ෂයකින් ජනාධිපතිවරණය දිනලත් අපිට පාර්ලිමේන්තු බලය තිබුණේ නැහැ. ඒක තමයි තුන්වන අභියෝගය. මේ හැම අභියෝගයකටම අපි සාර්ථකව මුහුණ දුන්නා. මේ අභියෝග සියල්ලටම මුහුණ දෙමින් දැවැන්ත සංවර්ධනයක් අපි මේ රටේ ආරම්භ කරලා තියෙනවා.

පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ බිමක් කරලා තිබුණු මේ රට යහපාලන ආණ්ඩුව මුඩු බිමක් බවට පත් කරලා තිබුණා. මේ මුඩුබිමක් වෙලා තිබුණු මේ රට නැවත වාරයක් සීඝ්‍රගාමී වැඩබිමක් බවට පරිවර්තනය කරනවා. අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපිට කිව්වේ නැහැ පටි තද කරගන්න කියලා.

කොවිඩ් ප්‍රශ්නය නිසා රාජ්‍ය අංශයේ මිනිස්සුන්ට පඩි ගෙවන්න විදියක් නැහැ කියලා කිව්වේ නැහැ. ගත්ත ණය ගෙවන්න විදිහක් නැහැ කියලා අපි කිව්වේ නැහැ. සංවර්ධනය කරන්න විදිහක් නැහැ අමාරුවෙන් රට ගෙනියන්නේ කියලා කවදාවත් කිව්වේ අපි කිව්වේ නැහැ. මේ හැම අභියෝගයක්ම ඉතාමත් දක්ෂ ලෙස අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අපේ රජය විධිමත්ව සැලසුම් සකස් කරලා ජයග්‍රාහී ලෙස ඒවාට සාර්ථකව මුහුණ දුන්නා. මේ තමයි යථාර්ථය. අද අපි දකිනවා සමාජ මාධ්‍ය තුළ ගොඩක් අය අපේ සංවර්ධනය විවේච නය කරනවා.

වැඩක් නොකරපු මිනිස්සුන්ට බොරු කියපු හො රකම් කරපු, රටේ ආර්ථිකය වි නාශ කරලා රටේ මහ බැංකුව හොරකම් කරලා රට මහත් දූ ෂ ණයකට ලක් කරලා පහසුගිය කාලයේ මේ රට පාලනය කරපු ඒ උදවිය මේ රට දූෂ.ණයෙන් තොරව අද පාලනය කරන ජනාධිපතිවරවයාව සහ අගමැතිවරයාව වි වේචනය කරනවා.

අද තිබෙන්නේ දූ ෂ ණයෙන් තොරව රට පාලනය කරන රජයක්, ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක්. මේක තමයි යථාර්ථය, මේක තමා ඇත්ත. නමුත් අද ඇත්ත කතා කරන්නේ නැහැ. ඇත්ත යටපත් කරන්න හදනවා. තමන්ගේ ආණ්ඩු සමයේ සංවර්ධනය කරනවා වෙනුවට හොරකම් කරපු සල්ලිවලින් අද මේ රටේ මිනිසුන්ගේ මනස වෙනස් කරන්න හදනවා.

අපිට තිබුණු පදනම තමයි බෞද්ධ පදනම. ඒ බෞද්ධ පදනමට අ ප හාස කරනවා. ඒ වෙනුවෙන් පෙනී සිටින මහා සංඝරත්නයට ප හ ර දෙනවා. ඡන්දය දුන්න හැටනම ලක්ෂයක් ජනතාවට නි න්දා අ ප හස කරනවා.

ජනාධිපතිවරයාට අගමැතිවරයාට ආණ්ඩුවට නින්දා කරනවා. මේ රජය ගෙන ඒමට වැඩ කරපු ගමේ අහිංසක හැම පුද්ගලයෙකුටම අද නි න්දා අ ප හාස කරනවා. කොහොම නමුත් මේ නි න්දා අප හා ස ම ඩ අව ලාද විඳිමින් අතිගරු ජනාධිපතිතුමා නිවැරදි තීන්දු තීරණ අරගෙන රට පාලනය කරනවා. ඒක අපි කවුරුත් පිළිගන්න ඕනේ.

අනුර දිසානායක මහත්තයා පැය එකහමාරක් කතා කරනවා, සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම පාර්ලිමේන්තුවේ රීති වලට පිටින් ගිහිල්ලා විනාඩි 15ක් 20ක් කතා කරලා කෝටි ගණන් ජනතාවගේ මුදල් අපතේ යවනවා. පාර්ලිමේනතුවේදී රට වෙනුවෙන් කථා කරන්න තිබෙන කාලය නි න්දා අ ප හාස කරන්න යොදා ගන්නවා.

නමුත් රට වෙනුවෙන් නිවැරදි තීන්දු අරගෙන අවුරුද්දකට දෙපාරක් විතර කතා කරන අපේ ජනාධිපතිතුමා විනාඩි 65 ක් කතා කරන එක අද විපක්ෂයට ගැටලුවක් වෙලා. මේ තරම්ම නි න්දා අප.හස විඳිමින් පස්වන විධායක ජනාධිපතිතුමා යු ද්ධ ය ජයග්‍රහණය කෙරුවා. මේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධනය ආරම්භ කෙළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා මතක තියාගත යුතුයි.

එදා යු ද්ධ යේදී සෙවනැල්ලක් වගේ ලගින් හිටිය ආරක්ෂක ලේකම් අද මේ රටේ ජනාධිපතිවරයා වෙලා ඉන්නවා. අපි විශ්වාස කරනවා එතුමා දුන්න හැම පොරොන්දුවක්ම එතුමාට ඉෂ්ට කරන්න පුලුවන් කියලා. අපි අවුරුදු 10 කින් නිම කරන්න පොරොන්දු වෙලා තිබුණු පොහොර ප්‍රශ්නය අපි සීඝ්‍රගාමීව අවසන් කරා. නිවැරදි සෘජු තීන්දුව අරගෙන අපි එම ප්‍රශ්නය කඩිනමින් අවසන් කලා. එම නිවැරදි තීන්දුව වෙනුවෙන් අපි එතුමා සමග හිටගත්තා.

තමන්ගේ මිනිස්සුන්ට වි ෂ කවනවා දකින්න අකමැති ජනාධිපතිවරයෙක් අද අපිට ඉන්නවා. එතුමා නිවැරදි තීන්දුව අරන් තියෙනවා. නමුත් අද එතුමන්ට පහර පිට ප හ ර දෙනවා. මොන ප හ රදීම් ආවත් අපි අපේ ගමන යනවා.

මට විශ්වාසයක් තියෙනවා, ශ්‍රේෂ්ඨ නායක ගෝඨාභය රාජපක්ෂ සහ පරිණත නායක මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අපේ ජනතාව බලාපොරොත්තු වුණු ඒ සංවර්ධනය සහ රටේ ආරක්ෂාව අනිවාර්යෙන්ම තහවුරු කරලා දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කරන බව. අද අපේ වරායේ ගොඩනැගිල්ලක් නිර්මාණය වෙනවා. කුළුණු මතින් වරයාට ප්‍රවේශවීම සදහා අධිවේගී මාර්ගයක් නිර්මාණය කරනවා.

අපිට තිබුණු ලොකුම ගැටලුව තමයි මෙම අධිවේගී මාර්ගය අවසන් වෙන්නේ වරාය අධිකාරියට අයත් ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලෙන්. ඒ නිසා ඒ වෙනුවට අලුතින් ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න මිලියන 5000ක් වෙන්කලා. රෝහිත ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා නූතන යුගයට ඔබින විදිහට මේ ගොඩනැගිල්ල අවුරුදු දෙකක් යන්න කලින් නියම දින වකවානුව තුළ මේ ඉදිකිරිම අවසන් කරනවා.

මේ රටට අධිවේගී මාර්ග සංස්කෘතියක් බිහිකළේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමනි ඔබතුමායි. දකුණු අධිවේගී මාර්ගයේ කපුදූව ප්‍රදේශයෙන් පිටවීමට අන්තර් හුවමාරුවක් තිබුණේ නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා වහාම කපුදූව ප්‍රදේශයේ අන්තර් හුවමාරුවක් හදන්න කියලා. අපිට පුළුවන් වුණා මාස නමයක් යන්න කලින් ඒක හදලා ඉවර කරන්න. ඊළඟට පේරාදෙණිය රෝහල අසල ඇති වී තිබෙන මාර්ග තදබදයට පිළියම් ලෙස උමං මාර්ගයක් නිර්මාණය කිරිමට අපි සැලසුම් කලා. එය අපි මාස 12ක් ඇතුලත ඉදිකිරිම් අවසන් කරලා ජනතාව වෙනුවෙන් ජනතා අයිතියට පත් කලා.

අපිට අද ප හ ර ග හන වා මාර්ග කිලෝමීටර ලක්ෂයක් හදන්න බැහැ කියලා. අපි බොරුවක් කරන්නෙ මෙයට යොදවන්න මේ ආණ්ඩුවට සල්ලි නැහැ කිව්වා. නමුත් අද අපි මාර්ග කිලෝමීටර් 40,000ක වැඩ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා පාරවල් 1000ක් එකවර විවෘත කරන්න. මම දැක්කා කබීර් හෂීම් හිටපු මහාමාර්ග ඇමතිවරයා ජනාධිපතිවරයාට අ ප හාස කරලා තිබුණා කැලණි පාලම ඔවුන් තමයි නිර්මාණය කරන්න මුල් වුණේ කියලා.

නමුත් මම කියන්න කැමතියි මෙම ව්‍යාපෘති වලට අවශ්‍ය කරන සැලසුම් සකස් කලේ ඔබතුමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කල 2012 – 2014 කාලයේදී කියන එක. 2015දී ඔබතුමා පරාජය නොවූවා නම් අද වෙනකොට මෙහි ප්‍රතිලාභ ජනතාව භුක්ති විදිනවා කියන එක මතක් කරනවා. නමුත් පහුගිය ආණ්ඩුව ඔබතුමා විසින් කරපු වරාය නගර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති දිහා ඊ ර්ෂ්‍ යාවෙන් බලනවා. යහපාලන ආණ්ඩුවට ඔවුන්ගේ කාලයේදී පාලමක් නොවෙයි බෝක්කුවක්වත් හරියට හදාගන්න බැරි වුණා. මේක තමයි ඇත්ත තත්ත්වය. අපි සැප්තැම්බර් මාසයෙදි නව කැළණි පාලම විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ නායකත්වය දැවැන්ත හයියක්. ඔබතුමා නිවැරදි නායකයෙක් තේරුවා ජනාධිපති අපේක්ෂකයා හැටියට. ඔබතුමාට වගේම අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් අ පහා ස කරමින් යනවා. පළමුවන කොවිඩ් රැල්ලෙදි අපි ඒක සාර්ථකව පාලනය කලා. දෙවැනි රැල්ලෙදිත් ඒක පාලනය කලා. දැන් මේ තුන්වන රැල්ලත් අපි සාර්ථකව පාලනය කරමින් යනවා. අපි රට විවෘත කරද්දිත් බ නි.නවා. රට වහපුවාමත් බ නින වා. මේක අලුත් දෙයක් නෙවෙයි.

නමුත් ඉතාමත්ම උපක්‍රමශීලීව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිවරදි තීන්දු තීරණ අරගෙන මේ රට ඉදිරියට ගෙනියනවා. රට විවෘත කරන්න අවශ්‍ය තැන රට විවෘත කරනවා. රටේ ජනතාව බේරගන්න අවශ්‍ය තැනකදි රට වහන්න තීන්දුව ගන්නත් එතුමා පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම විපක්ෂය කියන විදියට රට පාලනය කරන්නත් අපි සූදානමක් නැහැ. මේ රටේ ආර්ථිකය දියුණු කරලා ඔබ හිතන තැනට මේ රට අනිවාර්යයෙන්ම ගේනවා කියලා මතක් කරමින් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here