ඇතැමුන් පාරෙ උද්ඝෝෂණ කරනකොට කාබනික වගාවට දිරි දෙන ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා.

0

ජනතාව අරගෙන සමහරු පාරට බහින විට රටට ජාතියට ආදරය කරන පස සුවපත් කරන ප්‍රාදේශීය සභා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීතුමා කාබනික පොහොර යෙදූ කුඹුරුවල අස්වැන්න ලබා ගන්නත් සූදානම්.ඇත්තටම මේ ආකාරයට දිවයින පුරා සිටින ප්‍රා දේශීය සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් 8000ක් පමණ පිරිස කාබනික වගාව සදහා එක් මන්ත්‍රීවරයෙක් කාබනික පොහොර කිලෝ 2000 ගානේ හැදුවොත් ,කාබනික ගෙවතු ගෙවතු 8000 ක් සමාජයට එක්වන බව අපට පැහැදිලියි. කුමුදු ප්‍රියන්ත මන්ත්‍රීතුමාගේ ආදර්ශය රටට වැදගත්.

අනුරාධපුර නැ‍ෙඟනහිරනුවරගම් පළාත ප්‍රාදේශීය සභා ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා කාබනික වගාව පිලිබදව මෙසේ පවසයි.

මම මේ වන විට කුඹුරු අක්කර 21 ක ප්‍රමාණයක් කාබනික පොහොර යොදා වී වගා කර දැනට ගොයම් කැපෙමින් පවතිනවා. කිසිම විදියකින් වත් අස්වැන්නේ අඩු වීමක් නැහැ. බඩ ඉරිඟු, වගාවක්ද කර තිබෙනවා. ඒ සදහා දැම්මේත් කාබනික පොහොර.අප කාබනික දියර පොහොර වර්ග වගේම කාබනික කෘමිනාශක වර්ගත් හදා පාවිච්චි කරනවා. ඇත්තටම මෙය ලංකාවේ කළ හැකි හොදම දේ හැටියට මම දකිනවා. මම කාබනිකව එළවළු, වී වර්ග කිහිපයක්ම,ඒ වාගේම බීජී 384 කියන වී වර්ගය, දේශීය වී වර්ග කාබනික පොහොර යොදා නිශ්පාදනය කර තිබෙනවා. බඩ ඉරිඟු සේනා දලඹුවාටත් අප දේශීය බෙහෙතක් නිශ්පාදනය කර තිබෙනවා.

කාබනික පොහොර මාස තුනෙන් දිරන ක්‍රමය තමයි රටේ තියෙන්නේ. නමුත් මම දින 45 න් පමණ කාබනික පොහොර හදනවා. ඒ තාක්ෂණය මට රටට දෙන්න පුළුවන්. අපෙන් ජනාධිපතිතුමා , වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රයෝජන ගන්න ඕන.

ජනාධිපතිතුමා මේ රට කාබනික රටක් කිරීමට ගත් තීරණය හරිම වැදගත්. එහෙත් මේ කාබනික පොහොර දැනට හදන 25000 ක් පමණ රට තුළ සිටිනවා. ඒ අය ජනාධිපතිතුමා ඉදිරියට ගෙනල්ලා ඒ අයගේ ක්‍රමවේද පිළිබදව අධ්‍යයනය කළොත් මේ වැඩේ කරන්නට හරිම පහසු වනවා. නැත්නම් දැනට සමහර මුදලාලිලා දේශපාලන හිතවතුන් සමඟ ඉඩම් ටික බෙදා ගෙන නොයෙකුත් වර්ග යොදමින් කාබනික පොහොර හදන්න පටන් අරගෙන. මේ ක්‍රම වේදය වැරදු­‍ෙණාත් ඉදිරියට ජනාධිපතිතුමාට මේ කර්තව්‍යය කර ගෙන යන්න අමාරු කාර්යයක් වනවා.

ජනාධිපතිතුමා හමුවීමට මට අවස්ථාවක් ෙදන්න කියා මා ඉල්ලා සිටිනවා. රටට ජනතාවට සෙතක් වෙන්න ඕන. අපි කාබනික වගාවට යන්න ඕන. කරන විදිය හරියට කරන්න ඕන. වැරදුණොත් අපි ඔක්කොම අමාරුවේ. මේ කාබනික වැඩ සටහන හරියට කලොත් ජනාධිපතිතුමා ඉතිහාසගත වේවි.

ඡායාරූප සහ සටහන – චිත්‍රාරත්න කළුආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here