ෆෝන් එකක් ගන්න වැලිගොඩ දාපු දියණියට ෆෝන් හතරක්ම ලැබිල

0

පුංචි දුවණියක් සිය මව සමඟින් ඔයක වැලි ගොඩදාන දසුනක් පසුගියදාක සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය මගින්
දැකගන්නට ලැබුණි. එම පුංචි පැටික්කිය හ ඬ මින් කී කතාව බොහෝ දෙනෙකුගේ හදවත් ස ස ල කරන්නට හේතු විය.

තවමත් දස හැවිරිදි වියේ පසුවන ඇය දැහැමිනෙත්සරාය.පොලොන්නරුව,හිඟුරක්දමන පාසලේ ඉගෙනුම ලබන දැහැමි මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන්නට සූදානමින් සිටියි.

‘‘සතියක් වැලි ගොඩ දැම්මම අපට රුපියල් දෙදාහක් විතර ලැබෙනවා.තාත්තගේ අත තු වාල වෙලා මේ දවස්වල ඉන්නේ ගෙදර. ඉතින් අම්මත් එක්ක මම වැලි ගොඩදාන්න එන්නේ මගේ ඉගෙනුම් කටයුතුවලට ඕන කරන විදිහේ දුරකතනයක් මිලදී ගන්න. ඒත් තවම ඉතුරු කරන්න පුළුවන් වුණේ රුපියල් 1500ක් විතරයි.ෆෝන් එකක් ගන්න ඒ මුදල මදි.’’

එසේ කියද්දී ඇගේ දෙනෙතින්
ක ඳු ළු කඩා වැටිනි. ගෙදරට ආර්ථික ශක්තියක් වන්නට සිටි දැහැමිගේ පියා වන ආරච්චිගෙදර සමන් ගුණතිලක (48) වැලි ගොඩ දාද්දී වූ අතේ තු වා ලයක් හේතුවෙන්ම මේ දිනවල ඉන්නේ ගෙදරය. ඒ නිසාම දැහැමිගේ මව වන හේමා දිසානායක (48) ද සමඟ ඇය වැලි ගොඩ දමන්නට පැමිණියේ ඉගෙනුමට ඇති ආසාව නිසා කෙසේ හෝ ජංගම දුරකතනයක් මිලදී ගැනීටම මුදල් සොයාගැනීමේ අදිටනිනි.

ඉගෙනුමට දක්ෂතා ඇති දැහැමි දුව පන්තියේ හතර පස් වෙනියාගෙන් පහලට ගිය අයෙකු නොවේ.ශිෂ්‍යත්ව විභාගය ගැන බලාපොරොත්තු ගොන්නක් තබා සිටි ඇයට පාසල් වසා දැමීමත් සමඟ මුහුණ දෙන්නට සිදුවූයේ මේ වනවිට මෙරට බොහෝ දරු දැරියන් පිරිසක් මුහුණදෙමින් ඇති මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය කරගෙන යාමට ඇති අභියෝගයටයි. ඒ ඊට
අවශ්‍ය දුරකතන ඇතත් අවශ්‍ය සංඛ්‍යාත ක්‍රියාවලිය සපුරා ගැනීමට නොහැකි වීමත්, තවත් පිරිසකට ගැලපෙන
දුරකතනයක් ලබාගැනීමේ දු.ෂ්කරතාවත් නිසාය. ඇතැම් දරුවන් දුරකතන සංඥා සොයා ගස් ගල් ළඳු කැලෑ පීරද්දී, පුංචි දැහැමි දුව සිතුවේ තමා ද පරාජය බාරගන්නට සූදානම් නැති බවයි. ඒ නිසාම ඇය මුලදී කිලෝමීටර් හතරක්
පමණ දුර ගෙවා මිතුරෙකුගේ නිවසට ගොස් ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වී පාඩම් වැඩ සම්පූර්ණ කරගත්තාය.

නමුත් ඒ ගමන දු ෂ්කර එකක් විය.අ ඟ හි ඟ කම් ඇති කුඩා නිවසේ ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරණ මවට බරක් නොවී ඇය හා වැලි ගොඩ දමද්දිත් ඇය හිතුවේ කෙසේ හෝ සපුරාගත යුතු පාඩම් වැඩ ගැනය.

‘‘අම්මා ඔයේ කිමිදිලා ගන්න වැලි බාස්කට් එක මම ඔයෙන් මෙගොඩට ගෙනැත් දානවා.මට ගොඩක් ගේන්නත් බෑ. මම ඉගෙනගන්නත් ගොඩක් ආසයි.මට පාඩම් වැඩ අත පසු වෙද්දී ගොඩක් දු ක දැනෙනවා. මම ඔන්ලයින් පාඩම් අහගන්න ගියේ මගේ පන්තියේ
සදෙව් ලක්ෂිත කියන යාළුවගේ ගෙදරට.

එත් හැමදාම කිලෝමීටර් හතරක් විතර යන ගමන අපහසුයි.’’කෙසේ නමුත්
දැහැමි දියණියගේ කතාව මාධ්‍ය මගින් විකාශය වී පැය කිහිපයක් යන්නට මත්තෙන්,ඇයගේ පුංචි බලාපොරොත්තුව ඉටු කරන්නට තරම් ළෙංගතු හදවත් ඇත්තන් ඉදිරිපත්
වූවෝය. සතියක් මව සමඟ එක්වී වැලිගොඩ දමා ඒ එකතු කරගන්නා මුදලින් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට සිහින දුටු ඇයට එකවර දුරකතන හතරක්ම ලැබුණි.

‘‘මට දැන් ගොඩක සතුටුයි. මම පහුගිය දවස්වල ගමේ කාගේ හරි ළඟ පරණ ෆෝන් එකක් තියෙනවද කියලත් හොයලා බැලුවා, මේ කාලය ඔන්ලයින්
ඉගෙනගෙන ඉස්කෝලේ පටන් ගත්තම ආපහු දෙන්න. ඒත් එහෙම තිබුණෙ නැහැ. දැන් මට ෆෝන් හතරක් ලැබුණා.

මම කැමතියි අනිත් ෆෝන් තුන මං වගේම නැති බැරි නංගිලා මල්ලිලා කිහිපදෙනෙකුට දෙන්න.’’දැහැමි කියද්දී ඇය ඉගෙනගන්නට ආසා දරුවෙක් පමණක් නොව, බොහෝ ළෙංගතු සිතක් ඇති දියණියක වගද පසක් වන්නීය.

සැබෑවටම දැහැමිගේ කතාව එකක් වුවද මේ ගැට ළුවට මුහුණ පා ඇති තවත් දරුවන් බොහෝමයක් හිඳිනා වග අමුතුවෙන් කිව යුතු නොවේ. දැහැමි දුව එම පවුලේ එකම දියණිය වාගේම ඒ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුවද වෙයි. ඒ බලාපොරොත්තුව සඵල කරන්නට දැනටමත් අපේ රටේ දයාබර හිත් ඇත්තන් දැහැමිගේ හිතට සතුටක් දෙන්නට එක්වීම හොඳය.

ඒ අතර ඇයට වසර කිහිපයකට ශිෂ්‍යත්ව මුදලක් ලබාදීමටද පියවර ගැනීම පැසසිය යුත්තක්මය.‘‘පහුගිය දවස්වල මහත්තයා එක්තැන්වුණ නිසා අපට එදිනෙදා ජීවිතය ගෙනයන එකත් අමාරු දෙයක් වුණා. සමෘද්ධියෙන් යම් මුදලක් අපට ලැබෙනවා. ඒත් දරුවගේ
ඉගෙනුමට ඕන කරන දේවල් බොහොමයක් තිබුණා.දුරකතනය ඉන් එකක්. ඒ වගේ වෙලාවට දරුවගේ හීන බි ඳ වැටේවිද කියලා බ ය කුත් තිබුණා.

ඒත් දැන් සතුටුයි.දුවට දුරකතන හතරක් ලැබුණා. එයාට එක දුරකතනයක් ඇති.අනෙක් දුරකතන තුන දුව වගේම දුෂ්කරතා තියෙන දරුවෝ තුන්දෙනෙකුට දෙන්න කැමතියි. ඇත්තටම අම්මා කෙනෙක් විදිහට මට දැනෙන දෙයක් තියෙනවා. මේ රටේ යමක් කමක් කර කියාගන්න බැරි හැම දරුවෙකුටම මේ වගේ උදව් ලැබෙනවා නම් මං හරිම කැමතියි.’’

දැහැමිගේ මව කියන්නේ සැනසිල්ලෙනි.හිතේ ගි න්ද රින් ගෙවා දැමූ දවස්ඕ නෑතරම් ඇගේ ජීවිතයේ තිබුණි. ඒ නිසාම අඟ හි ඟ කම් පිරි ජීවිතයක අමාරුව ඒ අම්මා හොඳින්ම දන්නීය.

දැහැමිට මඟහැරුණු පාඩම් කියාදෙන්නට වාගේම උදව් කරන්නට ඇය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරුන්ද ඉදිරිපත්ව තිබේ. එය සතුටකි.දැහැමි හොඳින් ඉගෙනුම ලබා, රටට දැයට ආදරේ ඇති යහපත් දියණියක වනු දැකීම ඇයට ආදරය කරන, ඇයට මේ අවස්ථාවේ උදව් දුන් නොදුන් හැමදෙනාගේම ප්‍රාර්ථනයයි. ඒ පැතුම් එලෙසට ඉටුවේවායි ‘ධරණී’ අපද ඇයට සුභාශිංෂණ එක් කරන්නෙමු.

ධරණී සඟරාවේ පළවූ ලිපියකි.දීපා වසන්ති එදිරිසිංහ
ලයනල් ද සොයිසා – ලංකාපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here