ඇමතිවරු 6 ක ගේ බලකිරීම නිසා මෙන්ඩිස් සමාඟම ජනපති අනින් යළි අවලංගු කරයි

0

බදු නොගෙවීමේ හේතුව මත මීට කලකට පෙර බලපත්‍ර අවලංගු කළ මහබැංකු බැඳුම්කර චෝ දනා එල්ල වූ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකට නැවත ලබාදී තිබූ බලපත්‍රය ඇමැතිවරුන් හය දෙනෙකුගේ දැඩි වි.රෝධය හමුවේ වහාම අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (06) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අවදානය යොමු කළා.

ඇලෝසියස්ට එම බලපත්‍රය නැවත ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරු දැක්වූ දැඩි වි රෝධය හමුවේ මතු වූ උණුසුම මැද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බවයි පුවත්පත වාර්තා කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here