ඩෙල්ටා නිසා ඉදිරි සති දෙක තීරණාත්මකයි – මහාචාර්ය මලික් පීරිස් කියයි

0

ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත කොවිඞ් රෝගීන් ගණනාවක් හමුවීමත් සමග ඉදිරි සති දෙක ශ‍්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට ලොව ප‍්‍රමුඛ පෙළ විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් අ න තුරු අඟවයි.

ශ‍්‍රී ලංකාව තුළ තවමත් කොවිඞ් එන්නත ලැබී ඇත්තේ 20%කට ආසන්න පිරිසකට පමණක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එවැනි පසුබිමක, ඩෙල්ටා ප‍්‍රභේදය සීග‍්‍රයෙන් පැතිර ගියහොත් තත්ත්වය වඩාත් ද රු ණු විය හැකි බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව පළමුව කළ යුත්තේ වයස අවුරුදු 60 ඉක්ම වූ ජනතාවට එන්නත ලබා දීම යැයි ද මහාචාර්යවරයා පෙන්වා දුනි.

‘‘ඒක සාර්ථකව කළාට පස්සේ ඊට වඩා වයස අඩු කාණ්ඩවලට එන්නත ලබා දිය හැකියි. අපි දන්නවා කොවිඩ් නිසා මි ය යන 75% ක් විතර වයස අවුරුදු 60 ට ඉක්මවපු අය. දැ ඩිසත්කාරවලටත් වැඩිපුර එන්නේ ඒ වයස් කාණ්ඩවල පුද්ගලයන්. ඉතින් ඔවුන්ට එන්නත් ලබා දීමයි වැදගත්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here