සොරකම් කළ ලක්ෂයක ශීතකරණය කිලෝමීටර් හතරක් කරෙන් අරන් ඇවිත්.

0

ගම්පොළ මාවතුර නිවසක් බිඳ රුපියල් ලක්ෂයක් වටිනා දොර දෙකේ ශීතකරණයක් සොරකම් කොට රාත්‍රි කාලයේ කිලෝමීටර් 4ක දුරක් කරේ තබාගෙන ගිය පුද්ගලයන් හතර දෙනෙකු පසුව එය රුපියල් විසිදහසකට විකුණා ඇත.

ඒ පිළිබඳ විමර්ශනය කර අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනකු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රිනිත් විජේසේකර නියෝග කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ ගම්පොළ වැලිගඟ ප්‍රදේශයේ පදිංචිකරුවන් සිවුදෙනෙකි.

අවුරුදු 25ට අඩු මෙම සිවුදෙනාම දැඩි ලෙස ම ත්ද්‍ රව්‍ය පානයට ඇ බ්බැ හි වූවන් බව පවසන ගම්පොළ පොලිසිය මෙම ශීතකරණය විකුණා ලබාගත් රුපියල් විසිදහසෙන්ම හෙරොයින් හා මත්පෙති පාවිච්චි කර ඇති බවද අධිකරණය වෙත දන්වා ඇත.

මාවතුර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් මෙම සොරකම සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. ඔවුන් නිවසින් බැහැරව කොළඹ ප්‍රදේශ​යේ රැකියාවක් කරන බවත් එසේ රැකියාවට ගොස් සිටියදී පළාත් අතර සංචරණ සීමා නිසා නිවසට ඒමට නොහැකිව සිටියදී නිවස ක ඩා මෙම ​සොරකම සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

ගෙවීමේ පදනම මත ගම්පොළ ආයතනයකින් අලුතින් ගත් මේ ශීතකරණය සඳහා වාරික 2ක් පමණක් ගෙවා තිබියදී එය සොරා ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

සිවුදෙනා විසින් මහ රෑ මෙසේ කර තබාගෙන ගිය ශීතකරණය පසුගියදා වාහනයකින් රැගෙන ගොස් ගම්පොළ මාරියාවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුට විකුණා තිබියදී ඒ පිළිබඳව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.

අරුණ – සුරංග රාජනායක – ගම්පොළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here