අවශ්‍ය වුවහොත් අධ්‍යාපන කටයුතුවලට නාළිකා පවරා ගන්නවා..කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ

0

රට පුරා ක්‍රියාත්මක චන්ද්‍රිකා රුපවාහිනී නාළිකා ඇතුළු සියලුම රුපවාහිනී සහ ගුවන් විදුලි නාළිකා භාවිත කරන සංඛ්‍යාත රජයට අයත් බැවින් අවශ්‍යතාව අනුව ඒවා පවරා ගනිමින් පාසල් අධ්‍යාපන කටයුතු නොමිලේ සහ විධිමත් ක්‍රමවේදයක් යටතේ කඩිනමින් ආරම්භ කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ පැවසීය.ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ(06)පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා තැබීමේ වකවානුව තුළ, ‘ඊ – තක්සලාව’, ‘ගුරු ගෙදර’ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්, ජාතික අධ්‍යාපන ආයතනයේ යූ ටියුබ් නාළිකාව සහ පළාත් මට්ටමේ හා පාසල් මට්ටමේ මාර්ගගත පාඩම් ආදී විකල්ප ක්‍රම මගින් සිසුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ආරම්භ කර ඇති රජයේ වැඩසටහන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ නව යෝජනා පැහැදිලි කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මෙම නව පියවර යටතේ පාසල්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ගුරු උපදේශකයන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පූර්ණ වශයෙන් උපයෝජනය කිරීම, ඉගැන්වීමේ ක්‍රමවේදයන්හි පොදු ප්‍රමිතීන් පවත්වාගෙන යාම, සිසු සහභාගිත්වයේ මට්ටම ගණන් ගැනීම සහ ඉගෙනුම් සාධනය තක්සේරු කිරීම සම්බන්ධයෙන් ඇති ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීම සඳහා ”ගෘහස්ථ ක්‍රියාකාරකම් තුළින් ළමයින්ගේ ඉගෙනීම පවත්වා ගැනීම” නමින් නව වැඩසටහනක් 2021 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here