සමාජ මාධ්‍යයෙන් මිනිසුන්ට අ පහාස කරන ලංකාව වාගේ රටක් තවත් නැහැ

0

පොලිසියට​ ත්‍රිරෝද රථ ගෙන්නේ පා.තාලය ම ඬි න්න ද කියලා අහන්නේ ආකල්පමය ගැටලු තියෙන අය. මේ සම්බන්ධ කාටූන් එකක් තිබ්බා. ඒකට මමත් හිනාවුණා. හැබැයි අපේ රටේ වගේ සමාජ මාධ්‍යවලින් මිනිස්සුන්ට අ.පහාස කරන රටක් වෙන කොහෙවත් නැතැයි මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසීය.

සෞභාග්‍යයේ නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ විසිතුරු මල් වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි වෙළෙඳ සංකීර්ණයට අංගොඩ, මණ්ඩාවිලදී මුල්ගල තැබීමේ උත්සවයේ දී හෙතෙම මේ බව පැවසීය.

අපි ත්‍රිරෝද රථ ගත්තේ පොලිසියේ සාමාන්‍ය දෛනික රාජකාරින් කරන්න. සිතාසියක් දෙන්න වැනි දේකට. ඒකට කිලෝමීටර් දහයක් පහළොවක් යන්න වෙනවා. ඒකට ජීප් රථ යන්න ඕනෙ නැහැ. පොලිසියකට ජීප් රථ තියෙන්නෙ එකයි නැත්තම් දෙකයි. ඒ අතරතුර යම්කිසි අ ප රාධයක් වුණොත් එතැනට යන්න ජීප් රථයක් නැතිවෙනවා.

අනිත් එක තමා පැමිණිල්ලක් කළොත් ඒක දැනුම් දෙන්න ප්‍රකාශ සටහන් කරගන්න ගෙවල් වලට යන්න වෙනවා. පොලිස් මුරපොළවල් තියෙනවා. ඒවයේ පැය 12ක් රාජකාරි කරන නිලධාරීන් මාරු කරන්න ඕනේ. ආහාරපාන ගෙනියන්න වෙනවා. ඒ වගේ දෛනික රාජකාරි කරන්න තමයි පොලිසිවලට ත්‍රිරෝද රථ දුන්නෙ. ඒ වගේම සමහර වෙලාවට බුද්ධි තොරතුරු රැස් කරන්න වෙනවා ඒ වෙලාවට ජීප් රථවල පොලිසිය කියලා ගහගෙන යන්න බෑ.

මේ වගේ දෛනික රාජකාරි විශාල සංඛ්‍යාවක් තියෙනවා. බුද්ධිමත් සාමාන්‍ය ජනතාව මේ ගැන දන්නවා. සමහරු මේ ගැන දැනගෙන අ ප හාස කරනවා නම් ඒක අ ශීලාචාරකම යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here