ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ දන නමයි

0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම් සම්බන්ධයෙන් තිබුණු අ ර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මීට හේතු වී ඇත්තේ එංගලන්ත සංචාරය නිමා කර පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන සිය ක්‍රීඩක ගිවිසුමට අත්සන් තැබීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයින් හට ගිවිසුම් අත්සන් තැබීම සඳහා අද උදෑසන 8:00 දක්වා කාලය ලබා දී තිබුණා.

ඒ අනුව මෙලෙස පැමිණ සියලු ක්‍රීඩකයින් ලබාදී තිබූ කාලය ඉකුත් වීමට පෙර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔවුන් වර්ග කිරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි පාරදෘශ්‍ය භාවයක් නොතිබූ බව පවසමින් ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත් මේ සඳහා අවසන් කාලවේලාවක් සටහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ ගිවිසුමට අත්සන් නොතබන ක්‍රීඩකයින් එළඹෙන ඉන්දීය සංචාරය සඳහා තෝරා ගැනීමට සලකා නොබලන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here