ඔන්ලයින් අකුරු කරන්න හො ල්මනුත් ඉන්න සුසාන භූමියකට යන මේල්පිටිය දරුවෝ.

0

අධ්‍යාපනය වෙනුවෙන් දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ සො හොන් භූම්යක “ඔන්ලයින්” ඔස්සේ අධ්‍යාපනය හදාරන දරු පිරිසක් පිළිබඳව පුවතක් මාතලේ නාඋල, මේල්පිටිය ගම්මානයෙන් වාර්තා වෙයි.

මි ය ගිය පුද්ගලයන් මි හිදන්කළ වළවල් මත සිට මේ දරු පිරිස සිය අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේද ඔස්සේ කරනු ලබන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වැසීම හේතුවෙනි.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේපිටිය ගම්මානයේ සහ අවට ගම්මානවල පාසල් දරුවන් සහ
විශ්වවිද්‍යාල දරුවන් දහසකට ආසන්න පිරිසක් දිනපතා දුරකථන සංඥා නොමැතිකමින් බැ ට කන බව ගම්මානවල මවුපියෝ කියා සිටිති.

පවත්නා ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අප එම පොදු සු සාන භූමියට ඊයේ (05දා) ගමන් කරන විටද පාසල් දරුවෝ එහි අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටියහ.

වසර ගණනාවක සිට දුරකථන සංඥා නොමැතිමිකමින් බැ ට කන මේල්පිටිය ගම්වාසීන් මාධ්‍ය හමුවේ කියා සිටියේ “ඔන්ලයින්” අධ්‍යාපනය සඳහා සංඥා සොයා ගිය මවකට සහ කුඩා දරුවකුට රාත්‍රියේ පි ඹු රකු ද ෂ්ට කිරීමට ගොස් දිවිග ලවා ගත්තේ අනූ නවයෙන් බවයි.

විවිධ දු ෂ්කරතා මැද සො හොන් පිටියේ අධ්‍යාපනය ලබන මේ දරුවන් දෙනිකව පැවැත්වෙන උපකාරක පන්ති සඳහා අව් වැසි නොතකා ගමේ පොදු සු සාන භූමියට එක් රොක් වෙති.

මෙහිදී අදහස් දැක්වූ මවුපියන් කියා සිටියේ රාත්‍රි කාලයේ පැවැත්වෙන උපකාරක පන්ති සඳහා හුළු අතු පත්තු කරගෙන තම දරුවන්ද සමඟ සො.හොන් පිටියට ඒමට සිදුව ඇති බවකි.

එහිදී අදහස් දැක්වූ පියකු කියා සිටියේමෙවැන්නකි.”මහත්තයෝ මැ රුණ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න තියෙන තැන තමයි කනත්ත කියන්නේ. එතැන ඉන්න අයටත් අපෙන් තියෙන්නේ පුදුම ක.රදරයක්.

මේ කනත්තේ හො ල්මන් තියෙනවා කියනවා.අපේ වැඩෙන් මේ වෙනකොට හො ල්මනුත් හො ල්මන් වෙලා ඇති.උස් කඳු මුදුන්වලින් වටවී ඇති නාඋල මේපිටිය ගම්මානය අවට පිහිටි මුරුතෝව,උවැත්තෑව, වැවැත්තෑව ආදී ගම්මානවල පාසල් දරුවන් මෙන්ම ගොවි මහතුන්ද සිය ගම්මානවලට කලක සිට පවත්නා දුරකථන සංඥා නොමැතිකම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මේල්පිටිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පක්ලේම නන්දසාර ස්වාමීන් වහන්සේ සඳහන් කළේ සිය දායක කාරකාදීන්ගේ දුරකථන සංඥා ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර ඇති බවයි.

රජයේ මෙන්ම පෞද්ගලික දුරකථන සමාගම් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව කියා සිටි උන්වහන්සේ අවධාරණය කර සිටියේ ඉගෙනීමට දක්ෂ දරුවන් රැසක් මේපිටිය ඇතුළු ගම්මාන රැසක ජීවත් වන බවයි.

ගම්මානයට ඈතින් පෙනෙන සංඥා කුලුන දෙස බලා මේ වන විට බොහෝ දරුවන් ගස් උඩට,සො හොන් ක නතුවල ඇතුළු උස් ස්ථානවලදී අධ්‍යාපනය හැදෑරීමට සිදුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here