ත්‍රිවිධ හමුදාවෙ එන්නත් කරන්නෙ පුහුණුව ලබපු අයයි – උපුල් රෝහණ.

0

ත්‍රිවිධ හමුදාව මගින් සිදුකරන එන්නත් මධ්‍යස්ථාන වලින් එන්නත් ලබාගැනීමට මහජනතාව කිසිම විටක මැ ලි නොවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතා ඉල්ලා සිටිනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපයේ යු ධ හමුදාව මගින් එන්නත් ලබාදීම පිළිබඳ තම සංගමයට කිසිදු ගැටලුවක් නොමැති බවයි.

කොවීඩ් ම ර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව මගින් විශාල කාර්යයක් සිදුකරන බවද හෙතම පෙන්වා දෙයි.

එමෙන්ම පුහුණුව ලබපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, හෙද හෙදියන්, වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු යු ධ හමුදාව සතුව ඇති බවත් ඔවුන්ගෙ අධීක්ෂණය යටතේ එන්නත් ක්‍රියාවලිය සිදුවන බවත් උපුල් රෝහන මහතා අවධාරණය කලේය.

කෙසේවෙතත් පුහුණුව නොලබපු පිරිස් මේ සඳහා එක්කර නොගන්නා ලෙසද හෙතම ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here