දවල් මිගෙල් රෑ දනියෙල් ගලෙන්බිඳුනුවැවෙන් අල්ලයි.

0

චීවරයක් පොරවා ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ මීගහපට්ටිය ඇතුළු ප්‍රදේශවල සැරිසැරූ පුද්ගලයකුගේ සැ ක සහිත හැසිරීම සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණ වලින් පසුව ගලෙන්බිඳුණුවැව පොලිසිය මගින් ඔහු ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

ගලෙන්බිඳුණුවැව මීගහපට්ටිය ප්‍රදේශයට මීට දින කිහිපයකට ඉහතදි චීවරධාරියෙක් පැමිණ සැරිසරා තිබෙනා අතර එම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුට නිවසේ නවාතැන් ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

සැ ක කාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ චීවරය නොමැතිව බී ර පානය කර සිටි බව පොලිසිය පවසයි. දින කිහිපයකට පෙර ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ මීගහපට්ටිය ප්‍රදේශයට පැමිණ චීවරයෙන් සැරසී සිටි පුද්ගලයා වැඩවසන්නට විහාරස්ථානයක් නැති බව කියමින් විවිධ ප්‍රදේශවල සංචාරය කර ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට ගොස් ස්ථානාධිපතිවරයා හමුවී තමන්ට වැඩ වසන්නට විහාරස්ථානයක් නැති බවත් මීගහපට්ටිය ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටිනා බවත් දන්වා තිබේ.

තමන්වහන්සේ පිටස්තර ප්‍රදේශයක සිට ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට පැමිණි නිසා ඒ බව දන්වා අවසර ලබාගැනීමට පැමිණි බව සැ ක කරු පොලිස් ස්ථානයට පවසා තිබේ.

එහෙත් සැකකාර පුද්ගලයා විවිධ අවස්ථාවලදී චීවරය නොමැතිව වෙනත් ඇඳුම් වලින් සැරසී විවිධ ස්ථානවල සැරිසරනා අයුරු ගම්වැසියන් දැක ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here