අයථා ලෙස කැනීම් කල නිවාස සංකීර්ණයක් නිසා නුගේගොඩ අවට නිවෙස් ඉරි තැලෙයි..ජිවීත රැසක් අ නතුරේ.! බාලිකා පාසලකට ද අ වදානමක්

0

නුගේගොඩ යනු, කොළඹ දිස්ත්‍රික්කයට මායිම් කොට ඇති, නාගරීකරණයවුත්, තවමත් ගම්බද සිරිත් විරිත් පැවතෙන ඉතාමත් සුන්දර නගරයකි. නුගේගොඩ, අනුලා ප්‍රථමික පාසැල පිහිටා තිබෙන මාවත, ජනාකීර්ණ ගුවන් පාලම අද්දරම පිහිටා තිබුනත්, නිස්කලංක පරිසරයක, අවුරුදු හැත්තෑවකට වැඩි නිවාස හිමි පාරම්පරික නිවැසියන් වාසය කරන ස්ථානයකි. මෙම පාරෙහි සුදු ඇදුමින් සැරසුණු චූටි ළමයින් සහ දෙමව්පියන්ද, ඉරුදින මෙතෝදිස්ත දේවස්ථානයට පැමිණෙන භක්තියන්ද හැරුනුකොට ආගන්තුකයින් ගමන් නොකරන ඉතාමත් නිස්කලංක පරිසරයකි. එහෙත්, දැන් අවුරුදු දෙකකට පමණ පෙර එම සුන්දරත්වත, නිස්කලංක පරිසරය සම්පුර්ණයෙන්ම වෙනස්වී ඇත.

නාවල, ඥානේන්ද්‍ර මාවතෙහි පිහිටි, සිග්නේචර් ඩෙවලප්ර්ස් සමාගම විසින්, නුගේගොඩ ගර්ටන් පාසල පාරේ (අනුලා ප්‍රාථමික පාසල පාරේ) නො; 5/2, දරණ ස්ථානයේ තට්ටු නිවාස ව්‍යාපෘතියක් සදහා අඩි 20 ක් පමණ ගැඹුරට කැණීමක් කර, ඉදිකිරීම් කටයුතු කරගෙන යාම මෙම තත්ත්වයට මුලික හේතුවයි.

පොළොව යට ඉදි කරන වාහන ගාලක් සමග තට්ටු 7 කින් යුත් නිවාස 21ක ව්‍යාපෘතියක් වන මෙය, නෛනික තත්ත්වයක් හේතුකොටගෙන ඉදිකිරීම් කටයුතු දැනට අවුරුදු දෙකක පමණ කාලයක් අත්හිටුවා ඇත. අයතා ලෙස, නාගරික සංවර්ධන අධිකාරියෙහි බලපත්‍රවල අඩංගු රෙගුලාසි වලට පටහැනිව කැනීම් කටයුතු අසල්වැසි නිවාසවල තාප්ප අසලටම කර ඇති අතර, මෙම ස්ථානයට යාබදව පිහිටා ඇති ඉඩම් වෙන් කරන අසල්වැසි නිවාසවල තාප්ප, තද වර්ෂාව කරනකොට ගෙන, කැණීම් කොට ඇති ආ ගාධයට ඇද වැ ටීමේ ඉතාමත් අ වදානම් තත්ත්වයක් දැන් උද්ගතවී ඇත.

එසේ වුවහොත් නාය යාමෙන් අසල්වැසි නිවාසද මුළුමනින්ම ඇද වැ ටීමේ තත්ත්වයක් නියත වශයෙන්ම ඇතිවනු ඇත.

මෙම තත්ත්වය පිලිබදව ගරු නගරාධිපතිතුමන්ද, මෙම කොට්ටාශයේ ග්‍රාම නිලධාරී මහතාද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බලධාරීන්ද, දැනුවත් කර ඇති අතර, ඒ සියලු දෙනාම, මෙම ස්ථානයට පැමිණ, තත්ත්වය අවබෝධ කොටගෙන, මෙම ව්‍යපෘතිය සදහා බලපත්‍ර නිකුත්කළ රජයේ ආයතනය වන නාගරික සංවර්ධන අධිකාරියට රපොර්තු කොට පිලියමක් ලබාගන්නා ලෙස උපදෙස් දී ඇත. තවද, දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා , ජාතික ආ පදා මධ්‍යස්ථානය මගින්, මෙහි අ වධානම් තත්ත්වය හා කලයුතු ක්‍රියාමාර්ග පිලිබදව සවිස්තරාත්මක වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කර ඇත. එහි අඩංගු පරිදි අවට නිවාස වලට වියහැකි හා නි වැලක්වීම සදහා කඩිනමින් රැදවුම් තාප්පයක් (retention wall) ඉදිකිරීමට මෙම ආයතනයට උපදෙස් දී ඇත.

තවද, මේ ගැන මිරිහාන පොලිසියටද කිහිපවිටක්ම පැමිණිලි කර ඇති අතර, පොලිස් ස්ථානාධිපතිතුමා විසින් දෙපර්ශවයවම ගෙන්වා පැමිණිල්ල විභාග කොට මෙම අ පදා තත්ත්වය මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂකතුමා හට නියෝග කොට ඇත.

තවද, මේ සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරියේ, මෙට්‍රෝ ශඛාවද, විගණන බලාත්මක හා පසු විපරම් ශඛාවද දැනුවත් කර, එම අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම රැදවුම් තාප්පය කඩිනමින් ඉදිකර දීමට එම ආයතනයේ අධ්‍යක්ෂ රමනන් මහතා පොරොන්දු වූ නමුත් අද දිනතෙක් කිසිම ඉදිකිරීම් කටයුත්තක් සිදු වී නොමැත.

තවද, මෙම කැනීම් කල ඉඩමට යාබදව අනෙක් පසින්, ශාන්ත ජෝසෙප් බාලිකා විදුහල තිබෙන අතර, එහි ඇති තට්ටු 3ක පන්ති කාමර ගොඩනැගිල්ලට හානි සිදුවුවහොත්, කුඩා පාසල් දරුවන් විශාල ප්‍රමාණයකගේ ජීවිත අ වදානමට ලක්වනු ඇත.

මෙපමණක් නොව, මෙම ස්ථානයට අවතීරණ වීමට ඇති මාර්ගයටද, බර වාහන යාම් ඊම් කරණකොටගෙන දැඩි ලෙස හානි සිදුවී තිබෙන අතර, වර්ෂා දිනවලදී එම මාර්ගයේ, පයින් ගමන් ගන්නා අයට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. නොසැලකිලිමත්මක නිසා, මෙම කැණීම තුල පල්වන ජලය කරණකොටගෙන මදුරුවන්ද බහුල ලෙස බොවී තිබේ. මෙම ඉදිකිරීම් ස්ථානය, ඊට යාබද ගොඩනැගිලි වලට ත ර්ජ නයක් ව ඇතිව පමණක් නොව, පරිසර දු ෂනයටද එය හේතුවී ඇත.

මෙම තත්ත්වය අවුරුදු දෙකක කාලයකටත් වඩා මෙසේ පැවතිම හේතුවෙන්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දුන් අවසර පත්‍රවල වලංගු කාලය ඉක්මගොස් තිබීම හේතුවෙන්ද දැනට මෙහි ඉදිකිරීම් කටයුතු නවතා ඇති බැවින්ද, ඔවුන්ගේ කිසිම ලිපියකට මෙම ආයතන පිළිතුරු නොසැපයිම හේතුවෙන්ද, පොලිසියේදී මෙම අධ්‍යක්ෂක සාවද්‍ය පොරොන්දු දී මගහැරීම හේතුවෙන්ද, අද දිනතෙක් මෙයට සාධාරණ විසදුමක් ලැබී නොමැත.

එබැවින් නුවර දිගන ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් නිසා සිදුවූ ගොඩනැගිලි කඩාවැටීම සහ ජිවිත හා නිය හා සමාන අවස්තාවක් උද්ගතවීමට පෙර මෙම කැණීම කල ඉඩම, කලින් තිබු තත්ත්වයට පුරවා දමා හෝ අසල්වැසි නිවාස ආරක්ෂාවන පරිදි මෙම ඉඩමෙහි මායිම් තාප්ප, තිබියයුතු අවම මීටරයක දුරින් ගල් වැටියක් ඉදි කර (retention wall) අසල්වැසි නිවාස, එම අ ගාධයට කඩා වැටීමේ අවධානම මගහරවා, මෙම මාර්ගය පදීකයන්ට ගමන් කිරීමට හැකිවන ලෙස පිළිසකර කර දීමට ඊට ආසන්නතම අසල්වැසියන් වශයෙන් බලයලත් බලධාරිගෙන් ආයාචනා කර සිටිමු.

තවද, මේ ව්‍යාපෘතියෙහි අ යතා ඉදිකිරීම් හා කැනීම් කටයුතු වලට වි රෝධය පළකරමින් මෙම පුද්ගලික පාරෙහි නිවැසියන් සියලුදෙනා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලියාපදිංචි තැපෑලෙන් ලිඛිතව දැනුම් දී ඇත. දෙහිවල ගල්කිස්ස නගර සභාව, දෙහිවෙල ගල්කිස්ස ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය, අපදා කළමණාකරන මධ්‍යස්ථානය, ජනාධිපති කාර්යාලය සහ මිරිහාන පොලිසිය යන සියලුම අදාළ රජයේ ආයතන හට මෙම තත්ත්වය ලිඛිතව දැනුම් දී ඇත.

අදාල බලධාරීන්ගෙ අවධානය පිණිස මෙම ස්ථානයේ තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්

අසල නිවස පැත්තෙන් දැනට ඇති තත්ත්වය. මෙම ස්ථානය ගිලා බැස ඇති අතර, තාප්පය, කැනීම සිදුකොට ඇති පැත්තට කඩා වැටීමට ආසන්නය.

දැඩි ලෙස හා නි සිදුව ඇති මාර්ගය

මහල් ගොඩනැගිලි ව්‍යාපෘතිය සැදීමට කැනීම් කර දැනට ඉදිකිරීම් නවතා ඇති ඉඩම

නියමිත මීටරයක පරතරය නොසලකා මාගේ තාප්පයටම කැනීම් කර ඇති ආකාරය / අයතා ලෙස එම ඉඩමෙහි පස් පෞද්ගලික පාරට (මාගේ නිවස ඉදිරිපිට) ගොඩකර ඇති ආකාරය

කැණීම තුල පල්වන ජලය කරණකොටගෙන මදුරුවන්ද බහුල ලෙස බොවීම හා මාගේ ඉඩමට ජලය ගලාගෙන එන ආකාරය

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here