දානපතින් එක්ව අසරණ පවුලකට ඉදිකළ නිවස ක ඩා දරු පවුල පාරට ඇදල දාල.

0

පොලිස් දෙපාර්තමේන්තුවත් සිවිල් ආරක්ෂක බළකායත් දානපතින් හා එක්ව අ සරණ පවුලකට ඉදිකර දුන් කුඩා නිවස විදේශයක සිට පැමිණි බව කියන කාන්තාවක් සිය පියා හා මැ ර යන් පිරිසක් එක්ව ඊයේ (8දා) උදෑසන ක ඩා බිමට ස මතලා කරමින් එහි තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය ට්‍රැක්ටරයකින් සාලියපුර හතරේ ඇළ ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, අනුරාධපුර මූලස්ථාන පොලිසියට, අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයාට, වසම භාර ග්‍රාම නිලධාරිවරියට ලිඛිතව දන්වා ඇතත් එම කතට අවැසි අන්දමින් කටයුතු කිරීමට ඉඩදී සියලුම රාජ්‍ය නිලධාරීන් නිහඬව සිටින බව ප්‍රදේශවාසීහු පැසූහ.

2005 වසර වනවිට මෙම පවුලේ සාමාජිකයන් අනුරාධපුර පොළ පාර කුම්බිච්චන්කුලම නව නගරය ලිපිනයේ පදිංචිව සිට ඇති අතර රජයේ අවශ්‍යතාවක් මත ඉවත් කළ ඔවුන්ට 2005 පෙබරවාරි මස අංක 193 තෙප්පන්කුලම සාලියපුර අනුරාධපුර පිහිටි ඉඩම ලබාදී තිබේ.

තවත් පිරිසක් එක්කාසු කර ගනිමින් ප්‍ර ච ණ්ඩව හැසිරෙන කාන්තාව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අනුරාධපුර මූලස්ථාන පොලිසියට අ ග තියට පත් පාර්ශ්වය පැමිණිලි ඉදිරිපත් කර ඇතත් එම පැමිණිලි විභාග කිරීම නිසි අන්දමින් සිදුනොකර පැමිණිලි පාර්ශ්වය අත්අඩංගුවට ගන්නා බවට ඉහළ නිලධාරීන් පොලිසිය තුළදී අවස්ථා කිහිපයකදීම ත ර්ජ නය කළ බව නිවස හිමි එක්දරු මව ප්‍රකාශ කළාය.

පවුලේ කිසිදු පුද්ගලයකුට ස්ථිර රැකියාවක් නොමැති නිසා පොලිස් දෙපාර්තමේන්තුව හා සිවිල් ආරක්ෂක බළකාය සිය ශ්‍රමදායකත්වය ලබාදෙමින් ව්‍යාපාරිකයන් පිරිසකගේ ධන පරිත්‍යාගයෙන් මෙම නිවස ඉදිකර දී තිබිණි.

වසර 16ට පමණ පසුව ඊට යාබදව පිහිටි දෙමහල් නිවසක පදිංචිකාරිය බව කියන මෙකී කාන්තාව අදාළ නිවස සහිත පර්චස් හයක පමණ ඉඩම ඇයගේ බව පවසමින් ඔවුන්ට විවිධ පාර්ශ්ව සමග එක්වී අව නීතිය ක්‍රියාත්මක කරමින් නිවැසියන් ප හ රදී එ ළවා දමා අයිති කර ගෙන තිබේ.

දින කිහිපයකට ඉහතදි නිවසේ හිමිකාරිය වන කාන්තාවට අයත් රෙදිපිළි දරුවාගේ පාසල් පොත්පත් ඇතුළු සියලුම බඩු බාහිරාදිය කො ල් ල කරුවන් පිරිසක් යොදවා කො ල් ල කා රතු පැහැති ට්‍රැක්ටරයකින් රැගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පොලිස් හදිසි ඇමතුම් අංශය අ ගතියට පත් පිරිස අප ඉදිරියේදීම ඇමතුම් ලබාදුන්නත් ඔවුහු එහි නොපැමිණියහ.

කො ල් ල කෑම, නිවස වි නා ශ කිරීම ඇතුළු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළත් ඊට කිසිදු ක්‍රියා මාර්ගයක් නොගනිමින් කාන්තාවට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩදී පොලිසිය මුනිවත රකිමින් සිටිනා බවට ගම්මු චෝ දනා කළහ.

නිවසේ උළුවහු, දොර ජනෙල් හා සෙවිලි තහඩු සියල්ලම ගැලවීමෙන් පසු රතු පැහැති ට්‍රැක්ටරයකින් සාලියපුර හතරේ ඇළ ප්‍රදේශයට ප්‍රවාහන කළ අයුරු ‘අරුණ’ පුවත්පතේ කැමරාවේ සටහන් කර ගැනීමට හැකිවිය.

මෙම කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින්ගේ ආශිර්වාදයෙන් ගම්මානයේ ච ණ් ඩි කම් සිදුකරමින් හෙ රො යින් ම ත් ද්‍රව්‍ය ජා වා රමක නිරතවන බව ගම්මු අනාවරණය කළහ.

බුද්ධික මහේෂ්-අනුරාධපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here